ඊශ‍්‍රායලයත් පලස්තීනයත් අතර පවතින අර්බුදය විසඳීමේ අරමුණින් ඊයේ (29) ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී තවත් සාම සාකච්ඡා වටයක් ආරම්භ විය.
මෙම සාකච්ඡා වටයේ මැදහත්කරු ලෙස කටයුතු කළේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ය. මේ වසර මුලදී ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරයට පත් වීමෙන් පසු මැද පෙරදිග සාම කතාවලට කෙරී සම්බන්ධ වන පළමු අවස්ථාව මෙය විය.
සාම සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ඊශ‍්‍රායලය ඔවුන් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටි පලස්තීන සිරකරුවෝ 100 දෙනකු නිදහස් කළ බව ද පැවැසෙයි.