ඇමරිකා ධවල මන්දිරයද පරදා ට්විටර් සාමාජික පිරිසක් හිමි කර ගැනීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සමත්ව තිබේ.
මේ අනුව ඔහු ලොව වැඩිම ට්විටර් සාමාජිකයින් පිරිසක් ඇති දේශපාලන හා ආගමික නායකයින් අතුරින් පස්වැනි ස්ථානයට පත්ව ඇත.
ඔහුගේ ට්විටර් ගිණුමේ සිටින සාමාජිකයින් සංඛ්‍යාව ලක්ෂ 50 කට ආසන්නය.
ඇමරිකා ධවල මන්දිර ට්විටර් ගිණුමටත් වඩා සාමාජිකයෝ පිරිසක් මෝදිට සිටිති.
මෝදිට පසුපසින් 6 වැනි හා හත්වැනි ස්ථාන වල සිටින්නේ තුර්කියේ ජනපතිවරයා හා අගමැතිවරයාය.
ඇමරිකා ජනපති බැරක් ඔබාමා ලොව වැඩිම ට්විටර් සාමාජිකයින් පිිරිසක් සිටින රාජ්‍ය නායකයා වේ.ඔහුට පසුපසින් දෙවන ස්ථානයේ සිටින්නේ අති උතුම් පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට මෝදි හැබෑම දක්ෂයෙක්නේ... (නි)
පිටිගල, ඔයා කියන ඔය ජනාධිපති දිනන්නේත් මහජන ඡන්දෙන් බව අමතක කරන්න එපා. (නි)
මට නම් වැඩක් නැහැ අනේ අපිට මොකද (දී)
ඇමරිකාවට වැඩිය ඉන්දියාවේ ජනගහනය වැඩිනේ (දී)
අපිට නම් මොකවත් ඕනි නැහැ. (නදී).
වැඩියෙන්ම මිනිස්සුන්ගෙන් බැනුම් අහ ,අහ, ආයෙත් දිනන ජනාධිපති ඉන්නේ මොන රටේද?(දී)
"අලුත ගෙනා මනමාලි ගෙබිම විතරක් නොවෙයි, වහලෙත් ගොම මැටි ගානවා" කියල පැරණි සිංහල ගැමි කියමනක් මට මතක් උනා. (ස)
මෝදී ඔබමාව පරාද කර නැත. ධවල මන්දිරය නම් පරාද කොට ඇත (දී)
චමින්ද ,ඉන්දියාවට වැඩිය අන්තර්ජාල පහසුකම් තියෙන අය වැඩියෙන්ම ඉන්නේ ඇමෙරිකාවේ බව දන්නේ නැද්ද? (නි)
හිනේන්තමයි (දී)