තමාව පීඩනයට පත්කිරිමට බලපෑම් කරන විට සිවිල් යුද්ධයේ අවශ්‍යතාව ඉවත් කිරිමට නොහැකි බව වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ මහතා පවසයි.

ස්පාඤ්ඤ රූපවාහිනි වැඩසටහනක දී ඔහු මේ බව පැවසීය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අර්බුදයට මැදිහත් වුවානම් ධවල මන්දිරයෙන් පිටව යනු ඇත්තේ “ලේ තැවරෙනු අත් ඇතිව”  බව මදුරෝ මහතා අනතුරු ඇඟවීය.

පසුගිය මාසයේ දී විපක්ෂනායකවරයා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ඇමෙරිකාව ඇතුළු බටහිටර රටවල් පිළිගැනීමත් සමඟ මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය ඇතිවිය.

විපක්ෂනායකවරයා ඇමෙරිකාවෙන් කළ ඉල්ලීමක් අනුව වෙනිසියුලානු ජනතාවට මානුෂීය ආධාර සැපයීමට එකඟ විය. විදේශ බලවේග සමඟ කුමන්ත්‍රණ සංවිධානය කර බව මදුරෝ මහතා ග්වායිඩෝට ද චෝදනා කරයි.
 
බීබීසී ඇසුරෙනි

(28535)