හයිටියට බලපෑ මැතිව් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 283 දක්වා වැඩිවී ඇතැයි එරට නවතම ආරංචි පවසයි.
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ද මේ වන විට මැතිව් සුළි කුණාටුව ප්‍රබල ලෙස බලපා ඇති අතර එයින් විනාශ වූ නිවාස සංඛ්‍යාව 30000කට වැඩි බවද කියති.ඇමෙරිකා ජනපති බරක් ඔබාමා විසින් එම ප්‍රදේශවල හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි වාර්තා වේ.මෙම සුළි කුණාටුව වසර 12කට පසු ඇමෙරිකාව මුහුණදෙන ප්‍රබලම සුළි කුණාටුව බව කාළගුණ විද්‍යා ආරංචි මාර්ග පවසයි. ෆ්ලොරිඩා හී සමහර ප්‍රදේශ වල ඇඳිරි නීතියද පනවා ඇත.
ඉතාමත් භයානක ජීවිතයට හානි ඇතිවිය හැකි කාලගුණයක් ඉදිරි පැය 12 ත් 24ත් අතර කාලයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ කියති.
හයිටි දූපත්වලට බලපෑ මැතිව් සුළි කුණාටුව පැයට කිලෝමීටර් 230ක පමණ වේගයකින් පැමිණි බවත් මේ හේතුවෙන් වැඩි වශයෙන් හානි සිදුව ඇත්තේ එරට ධීවර ගම්මානවලට බවත් වාර්තාවේ.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
896
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මැතිව් 283ක් බිලි ගනී