රුසියානු ධීවරයන් ඇල්ලූ මාළු කා දැමීමට පැමිණි යෝධ දැල්ලකුගේ ඡායාරූප කැමරාවට නතු කැර ගැනීමට පසුගිය දා එම ධීවරයෝ සමත් වූහ. මෙතෙක් මිත්‍යා කතාවලට පමණක් සීමා වී සිටි යෝධ දැල්ලන් සැබැවින්ම මහ මුහුදේ ජීවත්වන බවට එය සාක්ෂියක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අල්ලාගත් විශාල මාළුවෙක් ධීවර යාත්‍රාවට ගැනීමට උත්සාහ කරමින් සිටිය දී හදිසියේම එතැනට කඩා පණින මේ යෝද දැල්ලා මාළුවා ඩැහැ ගැනීමේ උත්සාහයක නිරතවෙයි. ධීවර යාත්‍රාවේ ඇති කොකු හා යකඩ කූරු උපයෝගී කරගෙන දැල්ලාට පහර දෙන විට ඌ මාළුවා අතහැර යයි. තම ගොදුර වැරදී ගිය ද මෙම යෝධ දැල්ලා ධීවර යාත්‍රාව අසළ ටික වේලාවක් ගැවසුණු බව ද ධීවරයෝ කියති.
ග්‍රීක හා නෝර්වේජියානු මිත්‍යා කතාවලට අනුව යෝධ දැල්ලා යනු බියකරු සත්ත්වයෙකි. මේ යෝද දැල්ලන් පිළිබඳ කතාන්තර ඇතැම් රටවල බෙහෙවින් ජනප්‍රියය. ඒ කතාවල පැවසෙන තරම් විශාල නොවුන ද සාමාන්‍ය දැල්ලන්ගේ ප්‍රමාණයට වඩා විශාල වූ යෝද දැල්ලන් සාගරයේ වාසය කරන බවට මෙය හොඳ උදාහරණයකි. මේ මිත්‍යාවක් නොවේ. ඇස් පනා පිටම සත්‍ය බව තහවුරු වූ සත්ත්වයෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාලයේ යෝධ දැල්ලන් පිළිබඳව විස්තර ඕනෑ තරම් තිබුණා. යෝධ දැල්ලා යම් කලෙක මිත්‍යාවක් ලෙස සැලකූ බව දැන සිටියේ නෑ(ම)
මේ වර්ගයේ දැල්ලන් කිහිප වතාවක්ම කැලිෆෝර්නියාවේ වෙරළට ගසාගෙන ඇවිත් තිබුණු බව පත්තර වල පළවුණා. සමහරවිට එම ප්‍රවෘත්තිය රුසියාවේ නොදියුණු ධිවර ගම් ප්‍රදේශ වලට ලැබිල නැතිව ඇති. (ම)
මොන තරම් විස්මිත දර්ශනයක්ද? හරියට රෝකට්ටුවක් වගෙයි . තව අප නොදන්නා කෙතරම් දේවල් සාගර පතුලේ සැගවී තියනවා ඇද්ද?ලංකාදීපයට ස්තුතියි මෙවන් වටිනා පින්තුරයක් පළ කලාට.(ම)
ලංකවේ අපිට මේව එච්චර වැදගත් නෑ අපිට ගොඩක් වැදගත් දේශපාලනය පමණි.(ම)
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියයි ද දන්නේ නැහැ මේකත් මහින්ද මහත්තයාගේ වැඩක් කියල..?? (බ)
අනුරකුමාර කියන්නේ හරිදේ (ම)
අප නොදන්නා කෙතරම් දේවල් සාගර පතුලේ සැගවී තියනවාද. (ස)
හැමෝටම වැරදිලා මේ රාජිත ගේ චීන මාලු කොම්පැනියේ දැල්ලෙක් . (නදී)
නැහැ නැහැ ඔය කිරිඇල්ලගේ මල්ලි භුවල්ලා (නදී)
අජිත් මාත් ඔබ සමඟයි. මෙයා කිරි අැල්ලගේ පවුලේ ආදිතමයා. (නදී)