එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ කාන්තාවක් කුවේට් රටට හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයක් ගෙන යාම සඳහා තැරව්කරුවකු ලෙස කටයුතු කිරීමේ වරදට වසර 10 ක සිර දඬුවමක් සහ ඩිරාම් 50,000 දඩයක් නියම කළ බව "ද ගල්ෆ් ටුඩේ " මාධ්‍ය ජාලය වාර්තා කරයි. ඇය ශ්‍රී ලාංකික කාන්තාවක් බවද වෙනත් වාර්තාවල සඳහන් ව තිබේ.
2015 ජුනි 11 වැනි දා හෙරොයින් කිලෝ 3.2 ක් සහිත පාර්සලයක් මෙම ජාවාරමට සම්බන්ධ පිරිමින් දෙදෙනෙකුට බාරදෙන අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත.
උසාවියේදී එම ක්‍රියාදාමයට ඇයගේ කිසිදු සම්බන්ධතාවයක් නැති බව වරදකරු වූ කාන්තාව පවසා ඇත. පිරිමි චුදිතයින් දෙදෙනාටම එවැනිම දඬුවමක් ලැබුණි. ගනුදෙනුව සිදුවූ අවස්ථාවේ කාන්තාව අත තිබු ඩිනාර් 1000 ක් මුදල රාජසන්තක කැරිණි.
එම මුදල මත් කුඩු වෙළඳාමෙන් උපයාගත් බව උසාවියේ දී ඔප්පු විය. හෙරෝයින් මත්කුඩු වරදකරුවූ කාන්තාවට සපයා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර ජීවත්වන මත්කුඩු ජාවාරම්කරුවකු විසිනි. එම කාන්තාව ඒවා නැවත අසුරා කුවේට් නුවර බෙදාහරින්නකු වෙත යැවීමට උත්සාහ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව එහෙම තියන්න. රටේ ජනතාවගේ මුදලින් ලංකාවට එහෙම ගෙන්වන්න එපා. (නි)
දුප්පත්කමත් මුදල් ඉපයීමටත් කරනා මෙම දේවල් වල බරපතලකම දැන් තේරෙනවා ඇති (නි)