ඇමරිකාවේ කැලමැසු ප්‍රාන්තයේ මිචිගන් නගරයේ ස්ථාන තුනකදී   තුවක්කුකරුවකු  කළ වෙඩි තැබීමෙන් අවම වශයෙන් 6 දෙනෙක්වත් මියගොස් ඇතැයි සිඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

ස්ථාන තුනේදි පුද්ගලයින් නව දෙනෙකුට වෙඩි ප්‍රහාර එල්ල කර තිබූ අතර ඉතිරි තිදෙනා ගේ තත්වයද බරපතල බව වාර්තාවේ.

වෙඩික්කරු තම මෝටර් රථයෙන් විවිධ දිශාවලට ගමන් කරමින් පුද්ගලයන් සොයා යමින් මෙම වෙඩි තැබිම් සිදුකර ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ. පළමු වෙඩි තැබීම එරට වේලාවෙන් පස්වරු 6 ට පමණ සිදුවී ඇති අතර එම වෙඩි පහරින් බරපතල තුවාල ලබා ඇත්තේ තට්ටු නිවාසයක රථ ගාලක සිටි කාන්තාවකය. ඇයට වෙඩි පහර හතරක්ම එල්ල වි තිබේ. පසුව මෝටර් රථ අළෙවි මධ්‍යස්ථානයකදී තවත් තිදෙනෙකුට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

පොලීසිය පවසන්නේ සැකකරු අවුරුදු 50 ක් වන සුදු ජාතිකයෙක් බව විශ්වාස කරන බවයි. වෙඩික්කරු අළු පැහැති චවලට් වර්ගයේ මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවද එරට පොලීසිය උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.