
ඇමෙරිකාවේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබිමකින් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, අට දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ අට දෙනාගෙන් 7 දෙනකු සිසු සිසුවියන් වන අතර එක් ගුරුවරයකු ද සිටී.
වෙඩි තැබීම සිදුවූයේ මිචිගන් ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ් නගරයේ උසස් පාසලකය. වෙඩි තැබීම සිදු කළේ පහළොස් හැවිරිදි සිසුවෙකි. වෙඩි තැබීමෙන් මියගිය සිසුන් තිදෙනාගෙන් දෙදෙනකු දැරියන් බව පැවැසෙයි. මැඩිසින් බෝල්ඩ්වින් සහ හැනා ජුලියැනා නමැති ඔවුන් දෙදෙනා 17 සහ 14 වියෙහි පසුවූය.
මියගිය සිසුවා 16 හැවිරිදි ටේට් මයර් ය. දැරියන් දෙදෙනා එම ස්ථානයේදීම මියගිය බවත්, ටේට් මයර් රෝහලට ගෙන යද්දී මියගිය බවත් පොලිසිය පවසා තිබේ.
වෙඩි තැබීම සඳහා සිසුවා භාවිත කර ඇත්තේ ඔහුගේ පියා පසුගිය සිකුරාදා දිනයේ මිලදී ගෙන තිබූ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලය යැයි පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
වෙඩි තැබීම සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් 12.51 ට පමණය. වෙඩි තැබීම සිදුවෙද්දී, පාසලේ සිසු සිසුවියන් බොහෝ දෙනකු ඩෙස් පුටු යටට රිංගා සැගවුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
වෙඩි තැබීම සිදුවෙද්දී පාසලේ සිට 911 හදිසි ඇමතුම් අංකයට ඇමැතුම් 100 කට වැඩි ගණනක් ලැබුණි. කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පාසලට ගොස් පිස්තෝලය අතැතිව සිටි සිසුවා වට කළ අවස්ථාවේදී ඔහු පොලිසියට යටත් විය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, පොලිසිය කඩිනමින් විමර්ශන ආරම්භ කර තිබේ.
වෙඩි ප්‍රාහරයෙන් මියගිය ටේට් මයර් පාසල් පා පන්දු (රග්බි) කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකි. ඔහු සැමගේ දිනූ සිසුවකු බව ද පැවැසෙයි. පාසලේ සිසුන් මෙන්ම ගුරුවරුන් ද පාසල් පරිපාලක මණ්ඩලයට අන්තර් ජාලය හරහා ඉල්ලීමක් කර ඇත්තේ පාසලේ ක්‍රීඩාපිටිය ටේට් මයර්ගේ නමින් නම් කරන ලෙසය.
පාසලේ වෙඩි තැබිමේ සිද්ධිය අසන්න ලැබීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 17
91
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
934
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මිචිගන් උසස් පාසලේ වෙඩි තැබීම
sampath Wednesday, 01 December 2021 09:48 PM
අැමෙරිකන් කාරයා, ලෝක පොලිස්කාරයා පාසල් සිසුන්ට ආයුධ ගේන එක පරීක්ෂා කරගන්න බැහැ. ලෝකෙට පරකාසෙ, ගෙදරට මරගාතෙ කියන්නේ ඕකයි. අපේ පාසල්වලට නම් මොබයිල් ෆෝන් එකක් ගෙනාවොත් බෝම්බයක් ගෙනාවා වගේ ක්ෂණිකවම අල්ලාගන්නවා. කයිවාරුව විතරයි...!!!