මංගල ඇදුම පිටින්ම රැකියාවකට ගිය රූපවාහනි වාර්තාකාරිනියක ගැන චීනයෙන් වාර්තා වේ.

චෙන් යිංග් රූපවාහිනී වාර්තාකාරිනියකි.ඇය කලක් තිස්සේ ඇගිලි ගැන ගැන සිටි දිනය උදාවී තිබුණි.මංගල ඇදුමින් සැරසී සිය අනාගත සැමියා සමග ඇය සිටියේ ඉතා සතුටිනි.මංගල දිනයේ සතුට වැඩිකල් රැඳුණක් නොවිණි.භූමිකම්පාවකින් පළාත හෙල්ලී යන්නේය.වාසනාවකට මෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොතිබුනි.වහා ක්‍රියාත්මක වන ඇය මංගල කටයුතු රූපගත කරමින් සිටි කැමරාශිල්පියාද ඇදගෙන පාරට පැමිණ සිදුවීම වාරතා කිරීමට පටන් ගන්නීය.ඇය තවමත් මංගල ඇදුම පිටිනි.පසුව පටිගත කෙරුණු වීඩියෝව මාධ්‍ය වෙත නිකුත් කිරීමටද ඇය කටයුතු කළාය.

ඇයගේ මේ ක්‍රියාව වීඩියෝව දුටු බොහෝ දෙනාගේ පැසැසුමට ලක් විය.ඒ අතර ඇතැමුන් ප්‍රශ්න කරන්නේ ඇය වඩාත් ආදරය කරන්නේ සැමියාටද නැතිනම් රැකියාවටද කියාය.

පසුගියදා චීනයේ සිදුවූ රිච්ටර් මාපක අගය 6.6 ක් වූ භූමිකම්පාව චීනයේ බොහෝ ප්‍රදේශවලට අඩු වැඩි වශයෙන් දැනී තිබුණි. චෙන් සිංග් සිටි ප්‍රදේශයටද දැනී තිබුණේ එවැන්නකි.භූමිකම්පාව දරුණු ලෙසම දැනුනු චීනයේ ලූෂාන් ප්‍රදේශයේ ජනජීවිතය දැන් පවතිනුයේ මුලූමනින්ම පාහේ අඩපණවය.භූමිකම්පාව නිසා පුද්ගලයින් 150 ක් පමණ මියගොස් 5500 ක් පමණ දෙනා අවතැන්ව ඇතැයි වාර්තා වේ.