IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මගියාට දෙවියන්ට වගේ සැලැකිලි

රෝද තුනේ දුප්පතාගේ හිතවතා නව යුගයට ගැලපෙනසේ නවීකරණය කර ඇත්තෙකි ඉන්දියා ජාතික ජී.අන්නදුරෙයි.

28 හැවිරිදි අන්නදුරෙයි චෙන්නායිහි වාසය කරන ත්‍රීරෝද රථ රියැදුරෙකි. ඔහු තම රියැදුරු සගයින්ගෙන් වෙනස් වන්නේ ගමනට අමතරව තම මගියාට සළසන පහසුකම් වලින්ය.

පටන් ගැනීම පත්තර හා සගරා වලිනි. ත්‍රීරෝද රථයේ වහල හා මගී අසුන දෙපස ඒවාට වෙන්වී ඇත.ගමනෙහි යෙදෙන අතරතුර පුවත්පත් කියැවීමටත් නොයෙකුත් දෙස් විදෙස් සගරා වල සදහන්ව ඇති ඕපාදූප කියවමින් රසවිදීමටත් මගීන්ට හැකිය.

කියවන්නට කම්මැලි මගීන්ද අන්නදුරෙයි නොසළකා හැර නැත.ඔහුගේ ත්‍රිරෝද රියෙන් රැහැන් රහිත ක්‍රමයට අන්තර්ජාල පහසුකම් සපයා දී තිඛෙන අතර මගීන් හට ඔවුන්ගේ දුරකථන හා ලැප්ටොප් පරිගණක භාවිතා කර ගාස්තුව ගැන වදවීමකින් තොරව රිසි සේ අන්තර්ජාලයේ සැරිය හැක.මගියෙකු අත එවන් උපකරණයක් නැති නම් එවැනි පුද්ගලයින්ට ගමනාන්තය තෙක් ලබා දීමට අන්නදුරෙයි කුඩා සාක්කු පරිගණකයක්ද ලග තබාගෙන සිටී.

දුරකථන ආරෝපණය කර ගැනීමට,රූපවාහිනිය නැරඹිීමට,ගුවන් විදුලියට සවන් දීමට ආදී පහසුකම්ද මගිීන්ට සපයා දී ඇත.

‘මගීන්ගේ පහසුව තමයි මට වැදගත්.ඔවුන්  මම සළකන්නේ දෙවිවරු වගේ‘අන්නදුරේ කියයි.

මව්වරුන්ගේ දිනයදාට,ආදරවන්තයින්ගේ දිනයදාට,හා ඔහුගේම උපන්දිනය දාට අන්නදුරෙයිගේ සේවය නොමිලයේය.

තවද වැඩිහිටි පුද්ගලයින්ගෙන්, ගුරුවර ගුරුවරියන්ගෙන් ඔහු ප්‍රතිපත්තියක් ලෙසම මුදල් අයනොකරයි. දෛනිකව ඔහුගේ සේවය ලබාගන්නා මගීන්ගෙන් අය කරන කුලියද සැළකිය යුතු තරමින් අඩු කිරීමට ඔහු කටයුතු කරයි.

‘අමාරුයි තමයි.ඒත් එහෙම කියලා ඒ වගේ පුද්ගලයින්ගෙන් මුදල් අය කරගන්න මම කැමති නැහැ.‘ ඔහු කියයි.

රථය ධාවනයෙන්  උපයන ආදායමින් කොටසක් හේ වැය කරන්නේ වීදි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමටය.මේ වන විට ඔහු එවන් දරුවන් තිදෙනෙක්ම පාසැල් වෙත යොමුකිරීමට කටයුතු කර තිබේ.

‘තවත් දරුවන් 10 දෙනෙක් තෝරගෙන ඔවුන්වත් පාසැල් වෙත යොමුකරවන්න අදහසක් තියෙනවා‘ අන්නදුරෙයි කියයි.

තම ආදරණීය ත්‍රීරෝද රථයට ඔහු දැඩිසේ ඇලූම් කරයි.එයත් ඔහුගේ සේවය ලබාගන්නා මගීනුත් තරම් ඔහු සැළකිලිමත් වන වෙනත් දේවල් නැත.

‘මේ තත්ත්වයට මගේ ත්‍රීරෝද රථය ගොඩනගාගන්න සෑහෙන කලක් ගියා.පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරලා තමයි මේ සියල්ල මම කළේ.එවායින් ප්‍රයෝජන ලබන්නේ මගේ මගියෝ. එහෙමයි කියලා ඔවුන්ගෙන් අය කරන ගාස්තුවේ වෙනසක් මම කරන්නේ නැහැ.ඔවුන් සතුටින් මගෙත් එක්ක ගමනේ යෙදෙනවානම් මට වුවමනා එච්චරයි‘ අන්නදුරෙයි පවසයි.



අදහස් (0)

මගියාට දෙවියන්ට වගේ සැලැකිලි

ලක්මාල් Sunday, 09 March 2014 10:23 AM

ලොකු හදවතක් ඇති ඔබට දිර්ගායු පතමි. සැමට ආදර්ශයක්!!! (නදී)

:       0       0

සමන්ති Monday, 10 March 2014 09:49 AM

ආශ්චර්යය කරා පිය නඟන රටක මිනිසුන්ට අන්නදුරෙයි වගේ අමිල හදවත් වලින් පලක් වෙන්නේ නැහැ.අ පේ රටේ අන්නදුරෙයි වගේ ත්‍රී රෝද රථ රියදුරෙක් වුණොත් ඒ පුද්ගලයාගෙ බෙල්ල කපන්න මුලින්ම එන්නේ අර ආශ්චර්යයට ඉගිල්ලෙන අනෙක් ත්‍රී රෝද රථ සංගමයේ කට්ටියම තමා. මේ ආශ්චර්යයමත් රටේ මිනිස්සු(මනසින් උසස්) හොයන එක කළුනික හොයනවා වගේ වැඩක්. ඒකයි සෙනරත්ට වගේ අදහස් පහළ වෙන්නේ. යන විදියට එහෙම අදහස් ගැන තර්කයක් නැහැ. (නදී)

:       0       0

සත්‍යයා Saturday, 08 March 2014 11:58 AM

ඔහු නිසැකයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක පාලකයා වන්න ඕනේ. මෙහෙම මින්ස්සු අපට කෝ? (නදී)

:       0       0

අචි Saturday, 08 March 2014 07:01 PM

පුද්ගලයින්ට අපහස කරන්න එපා පව්.(දිල්)

:       0       0

අසෝකා Friday, 07 March 2014 05:38 PM

අන්නදුරෙයි, නුබේ සිතේ තියෙන සැහැල්ලුව සතුට මුදලින් ගන්න බැරි බව ආදර්ශයෙන්ම නුබ ලෝකෙට දීල තියෙනවා! බල ලෝබයට, මුදලට හැමදේම කරන්න පුළුවන් කියන මිනිසුන් ලග නුබේ සිතේ තියෙන සතුටෙන් දශමයක්වත් නැහැ. නුබට දිර්ගායුෂ.(නදී)

:       0       0

සෙනරත් Friday, 07 March 2014 07:53 PM

අනාගතයේ ඡන්ද අපේක්ෂකයෙක් වීමට සුදුසුකම් ඇත. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30084 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12209 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10897 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 763 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 233 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 885 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site