බහුල ලෙස මුඛ සෝදනයන් භාවිතා කරණ්නන්ට මුඛ පිලිකා ඇතිවීමේ ඉහළ අවධානමක් පවතින බව පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි ග්ලැස්ගෝ විශ්ව විද්‍යාලයේ දන්ත විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඩේවිඩ් කොන්වේ පවසයි.
දිනකට තුන් වරකට වඩා මුඛ සෝදන යොදා ගැනීම අහිතකර බව එම පර්යේෂණ වාර්තාව පෙන්වාදෙයි. මුඛ සෞඛ්‍ය පිරිහුනු අය මෙම ද්රාවනයන් ගෙන් තම මුඛය සේදිම පුරුද්දක් කරගෙන තිබෙන බව පෙන්වා දෙන පර්යේෂකයෝ තම මුඛය බුරුසුවකින් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් යොදාගෙන පිරිසිදු කර පිරිසිදු ජලයෙන් සෝදා හැරීම වඩා හිතකර බව කියති.
මුඛ සෝදනවල මධ්‍යසාර අඩංගු බවත් එමගින් පිළිකා ජනක සංඝටකයනට මුඛය තුලට කාවැදි යා හැකි බවට ප්‍රමානවත් සාක්ෂි ලැබි ඇති බවත් ඔවුන් පවසයි.
අධ්‍යයනය සඳහා ලොව රටවල් 13න් මුඛ පිලිකා රෝගීන් 1962ක් සහ නිරෝගි පුද්ගලයන් 1993ක් සහභාගීකරගෙන තිබේ. බොරුදත් පලඳින්නන් සහ දත්මුල් දියවන්නන්ගේ ද පිළිකා තත්වය වැළදීමේ අවධානම වැඩිවී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයේ උපදේශක මහාචාර්ය ඩේමියන් වොල්ම්ස්ලේ පෙන්වා දෙන්නේ එම අධ්‍යයන මගින් අවසන් තීරණයක් ගැනීමට නොහැකි බවයි. කෙසේ වෙතත් දුම්බීම, අධික ලෙස මත්පැන් පානය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම මුඛ කුහරයේ සහ ගලනාලයේ පිලිකා ඇතිවීමේ ප්‍රබල සාධක බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වටිනා ලිපියක්. නොදන්නා බොහෝ දේ දැනගත්තා. ස්තූතියි ලංකාදීපය.මෙවැනි නිව්ස් තව තවත් පළ කරන්න ජනතාව දැනුවත් කරන්න. (ස)
සියලු දෙනාටම වැදගත් ලිපියක්. අද කාලෙ මොනවගෙද වස විස නැත්තෙ.ලෙඩ නොහැදිලා ඉන්න පුළුවන් කාටද? සමහර ලෙඩ මොනවද කියලවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. (ස)
එහෙනම් මමත් නැවත පාවිච්චි කරන්නේ නැහැ (ස)
අපේ ආයුර්වේදයේ ඖෂධ ගැන මෙයිට වඩා ජනතාව දැනුවත් කළ යුතුය. (ස)
අනේ මන්ද එතකොට රුපවති අක්කේ මේවා විස බව ඔයාල නොදනුවත්වමද පාවිච්චි කරන්නේ .අපේ රටේ සිංහල ආයුරුවේද ක්‍රම රාශියක් තියනවා. ඔයාට පුලුවන්නම් ඉක්මනින්ම ළඟම තියෙන ආයුරුවේද රෝහලකින් උපදෙස් අරගන්න මහත්තයා වෙනුවෙන් (ස)
ආයුර්වේදයේ ලෙඩ හොඳ කිරීමේ ක්‍රම රැසක් තිබෙනවා. සල්ලි දීලා පිළිකා හදාගන්නේ මොකටද? (නි)
මම නම් දත් මැද්දට ..මෙවැනි දේවලට හුරුවෙලා නැහැ . ඒත් මගේ මහත්තයට මේ පුරුද්ද තියනවා ..? (ස)