ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පාක්‍ෂිකයෙකු ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් තිබුණත් එම අදහස මදක් වෙනස්කර ඇතැයි නිව් මැක්සිකෝහි හිටපු ආණ්ඩුකාර ගැරී ජොන්සන් කියයි. ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවූ ජොන්සන් මහතා ඊයේ (28) කියා සිටියේ තමා රිපබ්ලිකන් පක්‍ෂයෙන් අස්වී ලිබරල්වාදියකු ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බොහෝකල් සිට බලාපොරොත්තු තබාගෙන සිටින ජොන්සන් බලයට පත්වුවහොත් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන දැන් සිටම ප‍්‍රකාශයට පත්කර තිබේ. ඒවා අතර රජයේ වියදම් කපා හැරීම, බදු බර අඩු කිරීම හා මරිජුවානා අන්තරායකාරී ද්‍රව්‍ය නීතිගත කිරීම ආදිය ප‍්‍රධාන තැනක් ගනී. 1995 සිට 2003 දක්වා මැක්සිකෝවේ ආණ්ඩුකාර ලෙස කටයුතු කළ ජොන්සන් විවිධ යෝජනා හා පනත්, බොහෝ සංඛ්‍යාවක් සඳහා සිය නිශේධ බලය පාවිච්චි කර ඇත. එම සංඛ්‍යාව 750 කට ආසන්න බව කියැවේ. මෙම හේතුව නිසා ඔහුට -නිශේධ ආණ්ඩුකාරයා” යැයි විකට නාමයක්ද පටබැඳුණි. කඳු නැගීම, පාපැදියෙන් විනෝද ගමන් යාම, හිම මත ක‍්‍රීඩා කිරීම ආදී විනෝදාංශ ප‍්‍රිය කරන ගැරී ජොන්සන් මහතා දැනට ටා ඕස්හි පදිංචිව සිටී.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලිපිය පාඨකයින් නොමග යවන සුළු මෙන්ම පැටලිලි සහගත තත්වයකට පත් කරනවා. ගැටලුව මෙක්සිකෝවේ ආණ්ඩුකාරයෙක් ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කෙසේද යන්න ? නිව් මෙක්සිකෝව යනු, මෙක්සිකෝව නම් රට නොව ඇමෙරිකාවේම තවත් එක් ප්‍රාන්තයක්. http://en.wikipedia.org/wiki/New_Mexico