ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පාක්‍ෂිකයෙකු ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් තිබුණත් එම අදහස මදක් වෙනස්කර ඇතැයි නිව් මැක්සිකෝහි හිටපු ආණ්ඩුකාර ගැරී ජොන්සන් කියයි. ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවූ ජොන්සන් මහතා ඊයේ (28) කියා සිටියේ තමා රිපබ්ලිකන් පක්‍ෂයෙන් අස්වී ලිබරල්වාදියකු ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බොහෝකල් සිට බලාපොරොත්තු තබාගෙන සිටින ජොන්සන් බලයට පත්වුවහොත් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන දැන් සිටම ප‍්‍රකාශයට පත්කර තිබේ. ඒවා අතර රජයේ වියදම් කපා හැරීම, බදු බර අඩු කිරීම හා මරිජුවානා අන්තරායකාරී ද්‍රව්‍ය නීතිගත කිරීම ආදිය ප‍්‍රධාන තැනක් ගනී. 1995 සිට 2003 දක්වා මැක්සිකෝවේ ආණ්ඩුකාර ලෙස කටයුතු කළ ජොන්සන් විවිධ යෝජනා හා පනත්, බොහෝ සංඛ්‍යාවක් සඳහා සිය නිශේධ බලය පාවිච්චි කර ඇත. එම සංඛ්‍යාව 750 කට ආසන්න බව කියැවේ. මෙම හේතුව නිසා ඔහුට -නිශේධ ආණ්ඩුකාරයා” යැයි විකට නාමයක්ද පටබැඳුණි. කඳු නැගීම, පාපැදියෙන් විනෝද ගමන් යාම, හිම මත ක‍්‍රීඩා කිරීම ආදී විනෝදාංශ ප‍්‍රිය කරන ගැරී ජොන්සන් මහතා දැනට ටා ඕස්හි පදිංචිව සිටී.
2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1003
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මැක්සිකෝ හි හිටපු ආණ්ඩුකාර ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට එන්න පක්ෂය මාරු කරයි
ඉඳුනිල් Saturday, 31 December 2011 06:48 AM
මේ ලිපිය පාඨකයින් නොමග යවන සුළු මෙන්ම පැටලිලි සහගත තත්වයකට පත් කරනවා. ගැටලුව මෙක්සිකෝවේ ආණ්ඩුකාරයෙක් ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කෙසේද යන්න ? නිව් මෙක්සිකෝව යනු, මෙක්සිකෝව නම් රට නොව ඇමෙරිකාවේම තවත් එක් ප්‍රාන්තයක්. http://en.wikipedia.org/wiki/New_Mexico