මෙක්සිකෝවේ ජලිස්කෝ ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල සිරුරු 44ක් සොයාගත් බව බලධාරීහු පවසති.
කළු පැහැති උර 119ක බහා තිබූ මෙම මළ සිරුරු කොටස් අතරින් සිරුරු 44ක් හඳුනා ගැනීමට අධිකරණ වෛද්‍ය විද්‍යාඥයෝ සමත්ව සිටිති.
එම ප්‍රදේශයෙන් දැඩි දුගදක් හමන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලි මත සොයා බැලීමේදී මෙම සිරුරු හමුවී ඇතැයි සඳහන් වේ.
සිරුරු බොහොමයක අවයව කපා වෙන්කර තිබූ අතර අනන්‍යතාවය සොයාගැනීම සඳහා ඒවා එකිනෙක ගළපා බැලීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇත. බොහෝ සිරුරු හඳුනාගැනීමට නොහැකිවූ බවද වෛද්‍යවරු පවසති.
සිරුරු හඳුනාගැනීම සඳහා තවත් විශේෂඥයින් එම ස්ථානයට යොදවන ලෙසත් දැනට සිරුරු හඳුනාගන්නා ආකාරය සම්බන්ධව සෑහීමට පත්විය නොහැකි බවත් අතුරුදන්වූවන් සම්බන්ධව කටයුතු කරන සංවිධායක මෙක්සිකෝ රජයට දැනුම් දී තිබේ.
මෙක්සිකෝවේ අතිශය සාහසික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නිජබිම ලෙස ජාලිස්කෝ පළාත හැඳින්වෙන අතර එම පළාතෙන් සිරුරු විශාල සංඛ්‍යාවක් හමුවූ දෙවන අවස්ථාව මෙය ලෙස සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)

2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මෙක්සිකෝවේ ළිඳකින් මළ සිරුරු 44ක් හමුවේ