සිකා වෛරසය හේතුවෙන් මොළයේ විකෘතිතා ඇතිවන බවට වන මතය මේ වන විට සත්‍ය නොවන්නක් බව බටහිර වෛද්‍යවරු පෙන්වා දෙති.
ඊට හේතුව වී ඇත්තේ සිකා වෛරසය වැළඳුණු මෙක්සිකෝවේ මවක නිරෝගී දරුවකු බිහි කිරීමයි.
ලිංගික සංසර්ගය හේතුවෙන් මෙම වෛරසය පැතිර යාම තවත් සුලබ වී ඇතැයි ඇමරිකා වාර්තා පෙන්වා දෙයි. පසුගිය කාලයේ ලිංගික සංසර්ගය හේතුවෙන් සිකා වෛරසය 14 දෙනකුට වැළඳී ඇතැයි එරට වසංගත රෝග ඒකකයේ වාර්තා කියයි.
ඒ බොහෝ පිරිසක් ගැබිණි මව්වරුන් බවද කියති.
කෙසේ වෙතත් මෙක්සිකෝවේ මවක නිරෝගී දරුවකු බිහි කිරීමත් සමග සිකා වෛරසය පිළිබඳ පර්යේෂණ නව මානයකට යොමුව ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගය වැළඳුනු ගර්භනී අවස්ථාව, මවගේ ප්‍රතිශක්තිය ආදී බොහෝ කරුණු මෙයට බලපායි. (නි)