මෙක්සිකෝවේ ගිණිකොන දිග ක්වින්ටනා රූ පළාතේ සංචාරකයින් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 12දෙනකු මියගොස් 18දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
බස් රථය පෙරළීම නිසා අනතුරට ලත් වි ඇති අතර මියගිය අය අතර කුඩා දරුවකු ද සිටින බව පැවසේ.
බස් රථයේ 31දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනා රෝයල් කැරිබියන් නම් නෞකාවෙන් මෙක්සිකෝවට පැමිණි අය බව බලධාරීහු පවසති. චකොබෙන්හි පිහිටි පෞරාණික මයාන් නටබුන් නැරඹීමට යන අතර තුර මෙම අනතුර සිදුවී ඇත.
ප්‍රවාහන සමාගම පවසන්නේ රථයේ ඇමරිකානු, ඉතාලි, ස්වීඩන් සහ බ්‍රසීල ජාතිකයන් සිටි බවයි.
(රොයිටර් ඇසුරෙනි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd