මෙක්සිකෝවේ උතුරු දිග සැකටකාස් ප්‍රාන්තයේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් රැඳවියන් 16 දෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා තිබේ.
2018 වසරේදී ජනපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් බලයට පත්වීමෙන් පසු සිදුවූ දරුණුම සිද්ධිය මෙය බව බලධාරීහු කියති.
ගිනි අවියක් සහිතව සිටි රැඳවියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවක්කු තුනක් සහ පිහි ද බන්ධනාගාරයේ තිබී හමුවී තිබේ.
බන්ධනාගාරය තුළට ආයුධ ගෙනගියේ කෙසේද යන්න සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මෙක්සිකෝ රජය පවසයි.
මෙම සිදුවීමෙන් පසු බන්ධනාගාර වල ආරක්ෂාව ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවද ඔවුහු සඳහන් කරති.
මෙක්සිකෝවේ බන්ධනාගාර වල නිරතුරුවම මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවන අතර 2017 වසරේදී ඇකපුල්කෝ හි බන්ධනාගාරයක සිදු වූ සටනකින් රැඳවියෝ 28 දෙනකු මියගියහ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙක්සිකෝවේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් රැඳවියන් 16 ක් මරුට