මෙක්සිකොවේ උතුරුදිග කඳුකර ප්‍රදේශයේදී කුඩා ගුවන්යානාවක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් 13දෙනාම මියගොස් ඇතැයි වාර්තා වේ.
ලාස් වේගාස් නගරයේ පැවැත්වුනු බොක්සිං තරඟයක් නැරඹීමට ගිය පිරිසක් නැවත පැමිණීමේදී මෙලෙස අනතුරට ලක්වී ඇත.
මියගිය අය අවුරුදු 19ත් 55ත් අතර වයසේ පසුවන බවත් ඔවුන් අතර එකම පවුලේ පස්දෙනකු ද සිටින බවත් සඳහන් වේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි බලධාරීහු විශ්වාස කරති.
(අල්ජසීරා පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd