මෙක්සිකොවේ මෙක්සිකෝ නගරය ආසන්නයේ ගිණිකෙළි අලෙවිසල් සංකීර්ණයක සිදුවූ පිපිරීමකින් 26දෙනකු මියගොස් 60දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම වෙළඳපොල පිහිටා ඇත්තේ මෙක්සිකෝ නගරයෙන් කිලෝමීටර් 32ක් පමණ දුරින් පිහිටි සැන් පැබ්ලිටෝ නගරයේය.
බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත්තේ මියගිය සංඛ්‍යාව මීට වඩා බොහෝසෙයින් වැඩි බවට තහවුරු නොකළ ආරංචි ලැබී ඇති බවයි. මෙක්සිකෝ ජාතික ගිලන් සේවය පවසා ඇත්තේ ගිලන් රථ 25ක් පමණ පිටත්කර යැවූ බවයි. සාමාන්‍ය ජනයාට එම ප්‍රදේශයෙන් ඉවත් වීමට උපදෙස් දී ඇති බව මෙක්සිකෝ බලධාරීන් පවසයි.


COMMENTS