මෙක්සිකෝවේ දකුණු දිග ආදිවාසී ගම්මානයේ පුද්ගලයන් 15දෙනකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැලීනා කෲස් වරායට නැගෙනහිරින් පිහිටි සැන් මැටියෝ ඩෙල්මා නගර සභා බල ප්‍රදේශයේ හුවාසැන්ට්ලාන් ඩෙල් නම් මෙම ගම්මානය පිහිටා ඇත.
ඉරිදා (21) රාත්‍රියේ සහ සඳුදා (22) උදෑසන සිදුවූ ඒම ප්‍රහාර වලින් පිරිමින් 13 දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි ඔක්සාකා ප්‍රාන්ත බලධාරීහු පවසති.
සැන් මැටියෝ ඩෙල්මා නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ සන්නද්ධ පුද්ගලයන් හය දෙනකු පමණ ප්‍රහාරයට පැමිණ ඇති බවයි.
ප්‍රදේශීය අපරාධ නායකයෙකු විසින් ප්‍රහාරය මෙහෙයවා ඇති බවද ඔවුහු පවසති.
මියගිය පුද්ගලවන් වද හිංසා වලට ද ලක්ව ඇතැයි සඳහන් වෙයි.
ප්‍රහාරය සිදුවූ ප්‍රදේශය දීර්ඝ කාලයක් තිස්සේ භූමිය සම්බන්ද ආරවුල් සහ මාර්ග අයිතිවාසිකම් සම්බන්ද ගැටුම් වලින් පීඩා විඳි බව බලධාරීහු පවසති.
මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පරීක්ෂණ දිගටම සිදුකරගෙන යන බව පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මෙක්සිකෝවේ ආදිවාසී ගම්මානයක 15 දෙනකු ඝාතනය කරති