IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බළලා ගෙයක් ගිනි තියයි

සිය හාම්පුතාගේ නිවසට ගිනි ඇවිලවීයැයි නිවසේ බළල් සුරතලා චෝදනා ලබා සිටීයි.

බි‍්‍රතාන්‍යයේ ටෙල්ෆෝර්ඞ් නගරයේ ගිනි නිවීම් අංශයට ලැබුණු දුරකථන ඇමැතුමකින් කියැවු‍ණේ ගිනි ගෙන දැවෙන නිවසක සිරව සිටිනා පිරිසක් ගැනයි.

වහා එම ස්ථානයට යන ගිනි නිවීම් භටයන් නිවැසියන් පිරිස බේරා ගැනීමට සමත් වන්නේය.ගින්න මැඩ පැවැත්වුවද ඒ වන විට නිවසේ සෑහෙන කොටසක් විනාශවී ගොසිනි.

නිවැසියන් ගින්න ඇති කිරීමට මුල් වන්නට ඇත්තේ බුබා නම් සුරතල් නාමයෙන් හැදින්වෙන සිය බළල් සුරතලා බැව් කියයි.

අපි ගිනි නිවීම් භටයන් එනතුරු නිවසේ කොටුවෙලා හිටියේ.ගින්න එතකොට කුස්සිය පුරා පැතිරිලා.මොකද වෙන්න ඇත්තේ කියලා කල්පනා කර කරඉන්න කොට මම එළියේ වැට උඩ ඉදගෙන හිටි බුබා දැක්කා.එතකොට තමයි මට තේරුණේ මේ එයාගේ වැඩක් තමයි කියලා.එවලේ මට සිහිවෙච්ච දේවල් කියන්න වචන නැහැ‘‘ නිවෙස් හිමිකාරිය වන ජැකී පවසන්නීය.

විදුලි උදුන කි‍්‍රයාත්මක වීමෙන් මේ ගින්න ඇති වන්නට ඇතැයි සැකකෙරේ.ගින්න ඇති වන අවස්ථාවේ කුස්සියේ නිදා සිටියේයැයි කියන බුබා වෙත සැකය එල්ල වී ඇත.

මේ පළමු අවස්ථාව නොවේ බුබා මේ වගේ දෙයක් කරපු.දගලන්න ගත්තම එයාට ඉන්න තැනක් මතක නැහැ.මේකත් ඒ වගේ දෙයක් නිසා වුණා වගේ තම පෙනෙන්නේ‘‘ජැකී කියයි.

ගින්න නිසා පවුම් දහස් ගණනක දේපළද නිවසේ මුළුතැන්ගෙයද විනාශ වී ඇත.බුබාව නිවසින් එලවන්නේදැයි ඇසූ විට ජැකී සදහන් කළේ අත්වැරදීමකින් සිදුවූ දෙයක් නිසා බුබාට කිසිදු ආකාරයේ දඩුවමක් නොදෙන බවයි.

 



අදහස් (0)

බළලා ගෙයක් ගිනි තියයි

දයානි Monday, 24 June 2013 10:44 PM

මෙයා හනුමන්තාගේ කව්රු හරිවත්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 624 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site