දරුවන් යොදාගෙන සිදුකරන ලද ලොව මෙතෙක් සොයාගනු ලැබූ විශාලතම බිලිපූජාව පේරු පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.
බිලිපූජාව සඳහා ඝාතනය කරනු ලැබූ අවුරුදු 5 ත් 14 ත් වයසේ දරුවන් 227 දෙනකුගේ සිරුරු එකම ස්ථානයකින් හමුවී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම සිරුරු හමුවී ඇත්තේ පේරු රාජ්‍යයේ අගනුවර වන ලීමා නගරයට උතුරින් වෙරළබඩ පිහිටි හුවැන්චාකෝහිදීය.
මෙම සමූහ මිනී වල අවුරුදු 500ක් පමණ පැරණි බව සඳහන් වේ.පුරාවිද්‍යාඥයින් පවසන්නේ සමහර සිරුරු වල හිසකෙස් සහ සම ඉතිරිවී තිබෙන බවයි.
මීට පෙර පේරු රාජ්‍යයේ පුරාවිද්‍යා කැණීම් භූමි දෙකකින් බිලිපූජා සඳහා යොදාගනු ලැබූ දරුවන් 200 කගේ සිරුරු සොයාගනු ලැබිණි.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ශිෂ්ටාචාර වඳ වෙලා ගිය එකමයි හොඳ...
මේ අපේ රටෙත් තිබ්බ ලඟදි බිලි පුජාවක්. එක කරහම 72ක් හම්බ වෙනවලු. එනිසයි එක කරලා තිබ්බේ. ඉදිරියටත් කරයි මම හිතන්නේ.
රජවරුත් තමන්ගේ රජකම ආරක්ෂා කරන්න පිරිමි දරුවන් මරාදැමුව නේද.?