ළමුයින් කම්කරුවන් සේ රැකියාවන්හි යෙදවීම නීතිගත කිරීමට බොලිවියා රජය කටයුතු කර තිබේ.
නව නීති වලට අනුව වයස අවුරුදු 10 කට නොඅඩු දරුවන්ට කම්කරුවන් ලෙස රැකියාවන්හි නිතරවීමට අවසරය හිමිය.
ලොව බොහෝ රටවල් ළමා කම්කරු මෙහෙයට වැට බැදීමට කටයුතු කරමින් සිටින මෙම යුගයේ බොලිවියාවේ තීරණය සියළු දෙනා මවිතයට පත්කරවීමට සමත්ව ඇත්තකි.
බොලිවියාවේ ළමා කම්කරුවන් ලක්ෂ 10 ක් පමණ සිටින බවට ගණන් බලා තිබෙන අතර ඔවුන්ගෙන් බහුරතය ඇගලූම් කර්මාන්තශාලා, ගොවිපළ, කොකෝවා කර්මාන්තශාලා වැනි ස්ථාන වල සේවය කරන බවද සොයාගෙන ඇත.
තම තීරණය සාධාරණීකරණය කරන බොලිවියා රජය පවසන්නේ බොලිවියාවේ ළමා කම්කරු මෙහෙය කිසිලෙසකින්වත් නැවැත්විය නොහැකි තත්ත්වයක පවතින බවයි. බොහෝ පවුල් දරිද්‍රතාවයෙන් පෙළීම නිසා එම පවුල් වල දෙමව්පියන්ට තම දරුවන් කෙතරම් වයසින් බාල වුවත් අකැමැත්තෙන් හෝ කම්කරු වෘත්තීන්හි නිරත කරවීමට සිදුව තිබීම ඊට ප්‍රධාන හේතුව ලෙස බොලිවියා රජය පෙන්වා දේ.
මෙනිසා ළමා කම්කරු වෘත්තීය තහනම් කරනවාට වඩා එය යම් සන්දර්භයන් ඇතුළත නීතිගත කිරීමෙන් කම්කරුවන් ලෙස සේවයේ නියුතු දරුවන්ට යහපතක් මිස අයහපතක් සිදු නොවන බව රජය කියයි.
මෙකී සන්දර්භයන් වන්නේ කම්කරුවෙකු වුවද අනිවාර්යයෙන් පාසැල් යාමට කාලය වෙන්කළ යුතුවීම, රැකියාවේ නිතරවීම තම දෙමව්පියන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුවීම යන ඒවාය.
බොලිවියා රජයේ මෙම තීරණය ‘‘හිසේ අමාරුවට කොට්ටය මාරු කළාක් වැන්නක්‘‘ ලෙස මානව හා ළමා හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනා අන්තර්ජාතික සංවිධානයන් හඳුන්වාදේ.
එම සංවිධාන වලට අනුව ළමයෙක් කම්කරු මෙහෙයේ යෙදෙනේනේ නම් ඔහුට හෝ ඇයට පාසැල් යාමට කිසිසේත් කාලය ඉතිරි වන්නේ නැත.
නිසි කලට නිසි අධ්‍යාපනය නොලැබීමෙන් සිදුවන්නේ කවදා හෝ මෙම කම්කරු දරුවන්ටද ඔවුන්ගේම යැයි දරුවන් ලැබුණු දිනෙක එම දරුවන්ටද කම්කරු වෘත්තියම උරුම වීම බව එම සංවිධානයන් පෙන්වා දේ.
දරිද්‍රතාවය මෙවන් වාතාවරණයක් ඇතිවීමට හේතුවයැයි හදුනාගෙන ඇත්නම් ඊට විසඳුම් සොයනවා විනා මෙවන් තීරණ ගැනීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි යැයි ඔවුන් කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ්‍යාතන්තර නීති සුද්දගේ සංස්කෘතිය අදාළ නීති,, මේ තීරණය මොනවා වුනත්, තමන්ගේ සංකෘතිය ඉහලට ගෙන කටයුතු කිරීම ,,,, ජ්‍යාතන්තර ප්‍රමිතිය අනුව නුවනක්කාරකම් පෙන්නන ලංකාවේ කපටි දේශපාලකයින්ට පාඩමක් ! (දී)
චේ ගුවේරාට අපහාසයක්..... (දී)
කෝ කෝ මේ පිල්ලේ නෝනා මේ බලන්න මේ (දී)
දැන් එතකොට මේවා හොඳද? (නි)
පිල්ලේ කියන දෙබිඩි පිළිවෙතත් තියන නෝනාට මෙව්ව පෙන්නේ නැතිව ඇති සල්ලිවලට කෑදර නවිනීදන් පිල්ලේ කියන්නේ (අ)
මම අහලා තියෙන්නේ බටහිර රටවල් දියුණු වෙලා තියෙන්නේ ළමා කම්කරුවන් හින්දා කියලයි (නි)