මෙම සිදුවීම වාර්ථාවන්නේ කෙන්යාවේ මසායි මරා වනෝද්‍යානයෙනි. මී ගවයකු දඩයම් කිරීමට යාමේදී  කුරුමානම වැරදීම නිසා මී ගවයාගේ දරුණු ප්‍රහාරයකට ලක්වූ පැටවුන් තිදෙනෙකු යුත් සිංහධේනුවක් බරපතලලෙස තුවාල ලැබුවාය.

සිංහ ධේනුවට  ප්‍රතිකාර  නොකළහොත් ඇය  අනිවාර්යයෙන්ම මිය යන බවත්  එවිට කුඩා සිංහ පැටවුන් තිදෙනාද අනතුරකට පත්විය හැකි බව වටහාගත් වනෝද්‍යානයේ නිලධරයෝ කෙන්යාවේ අලි ඇතුන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක පශුවෛද්‍ය වරුන් කණ්ඩායමක් ගෙන්වා, සිංහ ධේනුවට   සැත්කමක් කැර ඇයට  ජීවත් වීමේ වාසනාව උදා කැර දුන්හ.