IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බොලිවුඩ් නිළි අනන්‍යාගෙන් ප්‍රශ්න කෙරේ

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, මුම්බායි මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ පොලිස් නිලධාරීන් ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන අනන්‍යා පාන්ඩේගෙන් ද ප්‍රශ්න කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.

කෙසේ නමුත් අන්‍යාගේ සිදු කළ ප්‍රශ්න කිරීම් සහ ආර්යන් ඛාන්ව අත්අඩංගුවට ගැනීම අතර සම්බන්ධතාවයක් තියනවාද නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කර ඇති අන්දමට පොලිසිය අනන්‍යා පාන්ඩේගෙන් අවස්ථා දෙකකදී ප්‍රශ්න කිරීම් කර තිබේ.

පොලිසිය පැය ගණනාවක් පුරාවට තමන්ගෙන් ප්‍රශ්න කළේ කුමක් සම්බන්ධව ද යන්න අනන්‍යා මෙතෙක් අනාවරණය කර නැත.

පොලිසිය අනන්‍යාගේ මුම්බායි නිවසට කඩා වැදී නිවස සෝදිසි කළ බවත් ඇගේ ලැප්ටොප් පරිගණකය ඔවුන්ගේ බාරයට ගත් බවත් ඉන්දීය පුවත් සේවා පවසයි.

මුම්බායි හි කෲස් නෞකාවක පැවති සාදයකට සහභාගී වී සිටිද්දී, ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් ඇතුළු පිරිසක් ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් මීට සති කීපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබූ අතර,  ආර්යන් ඛාන් ඇතුළු එම සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ආර්යන් ඛාන් ට ඇප ලබාදීම අධිකරණය විසින් අවස්ථා කීපපයකදී ප්‍රතික්ෂේප කළ අතර, නළු  ෂාරුක් ඛාන් රක්ෂිත බන්ධනගාරයට පැමිණියේය. තම පුතු සම්බන්ධයෙන් ෂාරුක් මහත් සිත් තැවුලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)



අදහස් (0)

බොලිවුඩ් නිළි අනන්‍යාගෙන් ප්‍රශ්න කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site