බෙල්ජියමේ පූජකවරයකුට ඔහුගේ නිවසේ දී පිහියෙන් ඇන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ලනාකෙන් හිදී ජොස් වැන්ඩර්ලි නමැති 65 හැවිරිදි පියතුමා එසේ පිහි ඇනුමකට ලක්ව ඇති අතර ආශිර්වාද ලබාගැනීමේ මුවාවෙන් සැකකරු පැමිණ ඇතැයි කියති.

පියතුමා පිහි ඇනුමෙන් තුවාල ලබා අසල පිහිට රෝහලකට ඇතුළු කරනු ලැබ සිටී. පූජකවරයාට මරණීය තුවාල සිදුව නැති බවද කියති.

පූජකවරයා සිටි නිවසට පැමිණ දොරට තට්ටු කළ සැකකරු පූජකවරයාගෙන් ආශිර්වාද ලබාගෙන ඇති අතර ඉන්පසු ඔහු පූජකවරයාගෙන් මුදල් ඉල්ලා ඇතැයි ද කියති. නමුත් පූජකවරයා මුදල් දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන්පසු සැකකරු ඔහුට පිහියෙන් ඇන ඇතැයි වාර්තාවේ. 

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් සැකකරු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ අයකු බවට මෙතෙක් කිව නොහැකි බවද එරට ආරංචි පවසයි.