බෙල්ජියමේ නැගෙනහිර ලීග් ප්‍රදේශයේ හමුදා කඳවුරක් ආසන්නයේ සන්දර්ශනයක යෙදෙමින් සිටි යුද ගුවන් යානයක නියමුවා අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.
හමුදා භටයන් තිදෙනකු පැරෂුට් මාර්ගයෙන් ඒ - 109 වර්ගයේ හෙලිකොප්ටරයෙන් පිටතට පැන ඇති අතර සහායක නියමුවා ඔවුන්ට උපකාර කරමින් සිට ඇත. පසුව ඔහු දැක ඇත්තේ ගුවන් නියමුවා අසුනේ නොමැති බවයි. නියමු අසුන ආසන්නයේ පිහිටි දොර සම්පූර්ණයෙන් ඇරී තිබෙනු ද ඔහු නිරීක්ෂණය කර ඇත. සහායක නියමුවා වහාම ක්‍රියාත්මක වී යානයේ පාලනය ඔහු අතට ගෙන සුරක්ෂිතව යානය ගොඩ බස්වා ඇත.
මාධ්‍ය වාර්තා කර ඇත්තේ නියමුවාට හෝ සහායකයාට පැරෂුට් නොතිබුණ බවයි. නියමුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර ඔහුගේ අතුරුදන් වීම අභිරහසක් බව බලධාරීහු පවසති. නියමුවා අතුරුදන් වන අවස්ථාවේ යානය මීටර් 400ක් ඉහලින් ගමන් කරමින් තිබී ඇත.
(ඒවියේෂන් වොයිස් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.