රටේ ජනතාව ආර්ථික ආපහසුතාවලින් සහ විරැුකියාවෙන් පීඩා විඳිමින් සිටිද්දී, රජය අනවශ්‍ය ලෙස වියහියදම් කරන බවට චෝදනා කරමින් බ‍්‍රසීල වැසියන් ආරම්භ කළ විරෝධතා දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.

ඊයේ (2) රියෝ දි ජිනැයිරෝ නුවර විරෝධතාකරුවන් සහ බ‍්‍රසීල පොලිසිය අතර පැවැති ගැටුම්වලින් 50 දෙනෙක් තුවාල ලැබූහ.

මේ වනවිට විරෝධතා මෙහෙයවන වෘත්තීය සංගම් නායකයන් සහ සරසවි සිසුන් සොයමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු කරයිි.
බ‍්‍රසීල ජනපතිනී දිල්මා රූසෙෆ්, වෘත්තීය සංගම් නායකයන් සහ සරසවි සිසුන් හමුවී නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී කි‍්‍රයාත්මක කරන බවට පොරොන්දු වී සිටියත්, හටගෙන ඇති විරෝධතාවල කිසිදු අඩුවක් දකින්න නොලැබෙයි.

බ‍්‍රසීලයේ රාජ්‍ය විරෝධී රැුල්ලක් ආරම්භ වූයේ දුෂණ වංචා ඉහළ යෑම, මහජන සේවා අඩපණ වීම, පොලිසියේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩිවීම ආදී චෝදනා රැුසක් බ‍්‍රසීල ජනපතිනී රූසෙෆ්ගේ රජයට එරෙහිව එල්ල වීමත් සමඟය.

ලබන වසරේදී එනම් 2014 දී බ‍්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට ලහිලහියේ සූදානම් වෙමින් සිටී.
රටේ ජනතාව පීඩා විඳිමින් සිටිද්දී, රජය ලෝක කුසලාව පාපන්දු තරගාවලිය වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වැය කිරීම ද විරෝධතාකරුවන්ගේ
දෝෂ දර්ශනයට හේතුවක් වී තිබේ.

රියෝ දි ජිනැයිරෝ අගනුවර පමණක් නොව, සැල්වදෝර්, බාහියා ආදී බ‍්‍රසීලයේ ප‍්‍රධාන නගර 10 ක ද විරෝධතා පැවැත්වෙන අතර එම විරෝධතා මර්දනය කිරීමටද කැරැලි මර්දන පොලිසිය යොදවා ඇත.