බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් ගුවන් යානාවක් කොලොම්බියාවේදී අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.ඔවුන් දකුණු ඇමෙරිකා පාපන්දු ශුරතාවයේ අවසන් තරඟයට සහභාගී වීම සඳහා මෙඩලින් ගුවන් තොටුපල වෙත ගමන් කරමින් සිටින අතර තුර දී රේඩාර් පද්ධතියෙන් අතරුදන් වී තිබේ.මෙම අනතුරෙන් 76 දෙනකු මිය ගොස් ඇති බවට තහවුරු වී ඇත.
යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 80ක් පමණ සිටි බවද බලධාරීහු පවසත
මෙම යානයේ ගුවන් නියමුවා අනතුර සිදුවන මොහොතේ ඉන්ධන ටැංකි හිස් කර විශාල පිපිරිමක් වළක්වා ඇතැයි ප්‍රවාහන බලධාරීහු පවසති.
ඡායාරූප-ඇන්ඩ්‍රස් පිලිප්(ට්විටර්)


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.