බ්‍රසීලයේ මිනාස් ජෙරයිස් පළාතේ දී කුඩා ගුවන් යානයක් කඩාවැටීම හේතුවෙන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
බෙලෝ හොරිසොන්ටේහි කාලොස් ප්‍රටේස් ගුවන්තොටුපලින් ගුවන්ගතවූ යානය සුළු මොහොතකින් ජනාකීර්ණ පෙදෙසකට කඩාවැටුණු බවත් මෝටර් රථ තුනකට හානි සිදුවුණු බවත් පොලිසිය පවසයි.
යානය ඇදවැටුණු ස්ථානයේ ගිනිගැනිමක් ද සිදුව ඇති අතර මෙම වසරේදී එම මාර්ගයට ඇදවැටුණ දෙවන ගුවන් යානය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.
මියගිය අය අතර මාර්ගයේ ගමන් කළ අයෙකු හා මෝටර් රථයක සිටි අයෙකු වන බවත් තෙවැන්නා ගුවන් යානය තුළ මියගොස් සිටි බවත් පොලිසිය පවසයි.
පිළිස්සුම් තුවාල ලැබූ තිදෙනකු රෝහල් ගතකර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd