බ්‍රසීලයේ සාවෝ පෝලෝහි ගුවරුල්ලෝස් ගුවන් තොටුපලේ භාණ්ඩ පර්යන්තය වෙත කඩාවැදුණු අවිගත් පිරිසක් රත්‍රන් හා වටිනා ලෝහ තොගයක් සොරාගෙන ගොස් ඇති අතර සේවකයින් දෙදෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ. 

රත්‍රන් කිලෝග්‍රෑම් 750කට ආසන්න ප්‍රමාණයක් පැහැරගෙන ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 40ක් පමණ වනබව බලධාරීහු පවසති.

කළු පැහැති පික්අප් වර්ගයේ රථයකින් පැමිණි මංකොල්ලකරුවන් පොලිස් නිළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

මෙය දකුණු ඇමරිකාවේ පිහිටි කාර්යබහුලම ගුවන්තොටුපලකි.

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)