තම විවාහ සංවත්සරය සැමරීම සඳහා ඇමෙරිකාවේ ඔහියෝ ගොවියෙක් බිරිඳට අපූරු, වටිනා තෑග්ගක් දුන්නේය.
පිලිප් ඩර්තික් (72) සහ මාරි ඩර්තික් (75) මෙම වසරේ ඔවුන්ගේ 50 වන රන් ජුබිලිය සමරති.
මෙතෙක් පැවති සෑම විවාහ උත්සවයකදීම තම බිරිඳ පුදුම කිරීමට සමත්වූ ඔහු මෙවර වෙනස්ම ආකාරයක තිළිණයක් ලබා දිමට උත්සහ කළේය.
ඒ අනුව තම දරුවන්ගේද උදව් ඇතිව තමාට අයිති අක්කර 17ක කෙතේ තමාගේ සහ බිරිඳගේ මංගල ඡායාරූපයේ ස්වරූපය දිස්වන පරිදි ධාන්‍ය වගා කළේය.
ඒ වගේම ඔහුගේ ට‍්‍රැක්ටරයද මෙහි පතුලෙහි පෙනෙන පරිදි නිර්මාණය කරන ලදි. ඒ විවාහ වූ දා සිට ඔහු හා බිරිඳට සිටි එකම මිතුරා ට‍්‍රැක්ටරය වන නිසා බව ඔහු සඳහන් කරයි.
මෙම වටිනා තිළිණයෙන් ඔහුගේ බිරිඳ මහත් පුදුමයකටත් සතුටටත් පත්වූ බවත්, ලබන වර්ෂයේදී පහත ඡායාරූපය පරිදි ධාන්‍ය වගාවක් සකස් කිරීමට තමන් කැමති බවද ඇය සඳහන් කර ඇත. තමන් ලද තිළිණය පමණක් නොව එයින් ලැබෙන අස්වැන්නෙන් තමන්ටත් රටටත් වන වාසිය ගැනද තමන් සියුම් ආඩම්බරයක් භුක්ති විදින බව බිරිඳ පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවරුදු 50ක් සතුටින් ආදරෙන් පවුල් කෑම තරම් සතුටක් තවත් ඇද්ද? ඔබ දෙපල වැනි පවුල්, ආදරවන්තයින්, දෙමාපියන් හා මිනිසුන් මේ මිහිමත වැඩි වැඩියෙන් පහළ වේවා...!!! කුමන රටක, කුමන තරාතිරමක වුවත් ආදරයෙන් යුග දිවිය සුරකින සියල්ලෝ සදා යෙහෙන්, සුවෙන්, සතුටින් වැජඹේවා...!!! (නි)
සතුටයි සැපයි, ලස්සන පවුල් ජීවිතයක් ගත කරන යුවලක්.දීර්ඝායු වෙන්න ඕන. (ස)
ලොවටම ආදර්ශමත් අඹු සැමි යුවලක්. ඔවුනට දීර්ගායුෂ පතමු. (ස)
මේක ටජ් මහලටත් වඩා ලොකු ආදරයක්. (නි)
හොද ආදර්ශයක් සියලු දෙනාටම (නි)
උසස් මිනිස්සු! (නි)
හිත ඇත්නම් පත කුඩාද කිව්වලු. (ස)
කුමාරි, ඔයා හරි (නි)
ටජ් මහලක් තනවන්නේ .... කෙසේ පරිවර්තනය කරන්නේද? (නදී)
''දීර්ගායු වේවා.''-ගිනස් පොතට ඇතුලත් වේවිද?හරිම මනරම්.(නදී)
අලුත් වැඩක්. අපුරුයි. ආයු බෝ වේවා !!! (ස)