බ්‍රිතාන්‍යයේ දෙවන ප්‍රධාන නගරය ලෙස සලකන බර්මින්හැම් නුවර කෞතුකාගාරයේ ලෝකයේ පැතිරී පවත්නා ආගමික සම්ප්‍රදායයන්ගේ ඉතිහාසය කියාපාන සර්ව ආගමික ඒකකයක් විවෘත කර ඇත.
එහි ඇතුළත් කර ඇති බෞද්ධ ප්‍රදර්ශන ශාලාව විවෘත කෙරුණේ බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප හිමියන් අතිනි. එම අවස්ථාවට විහාරවාසී එම්. පඤ්ඤරතන හිමියන් සමඟ බර්මින්හැම් නුවර කීර්තිමත් බෞද්ධ නායකයින් වන ඈන් ලව්ලොක්, කීත් මනින්ග්ස් සහ යෑන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
බෞද්ධ ප්‍රදර්ශනයේ අංගයක් වශයෙන් බර්මින්හැම් බෞද්ධ විහාරයේ ඉතිහාසය සහ දෛනික වැඩකටයුතු විදහා දක්වෙන කොටසක්ද ඇතුළත් කර ඇත.
බර්මින්හැම් නගරයේ විසිර පවතින සර්ව ආගමික වාතාවරණය විදහා දැක්වීම වැදගත් බව කලක සිට සාකච්ජාවට පාත්‍රවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ප්‍රදර්ශන කුටිය නිර්මාණය කළ බව මේ පිළිබඳව කෞතුකාගාරය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.
යුරෝපයේ ප්‍රධාන නගර අතරින් බර්මින්හැම් නුවර ලෝකයේ විවිධ ජන කොට්ඨාස සහ ආගම් අදහන පුද්ගලයින් වැඩියෙන්ම ජීවත්වන පළාතක් බව පිළිගැනෙයි. 2011 එංගලන්තයේ පැවැත්වුණ ජන සංගණනයෙන් බර්මින්හැම් නුවර ජීවත්වන ජනගහනයෙන් 77% ක්ම කිසියම් හෝ ආගමක් සමඟ සමීප සම්බන්ධතාවයක් මෙන්ම බද්ධතාවයක් පවත්වන පිරිසක් බව සනාත වී ඇත.
ක්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙව්, හින්දු සීක් සහ බෞද්ධ වැනි ලෝකයේ ප්‍රධාන ආගම් වලට අමතරව එතරම් පුළුල්ව ප්‍රචලිතවී නොමැති බහායි, ජෛන හා රස්ටෆාරියන් වැනි ආගම් හා ඇදහිලි ක්‍රම වලට සම්බන්ධ පිරිස් බර්මින්හැම් නුවර ජීවත්වෙති.
බර්මින්හැම් කෞතුකාගාරය කියන්නේ පළමුවන වසරේදී අත්හදා බැලීමක් වශයෙන් ක්‍රිස්තියානි,ඉස්ලාම්, යුදෙව්,බෞද්ධ, හින්දු සහ සීක් ආගමේ ඉතිහාසය ගෙනහැර දැක්වෙන ප්‍රදර්ශනයක් ඉදිරිපත් කිරීමටත් ඉන් පසුව කෞතුකාගාරයට පැමිණෙන්නන්ගේ ප්‍රතිචාරය සලකා බලා අනෙකුත් ආගම් හා ඇදහිලි පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමටත් බලාපොරෝත්තුවන බවයි.
බෞද්ධ ආගමික ප්‍රදර්ශනයේ බුද්ධ ප්‍රතිමා බෝධිසත්ව ප්‍රතිමා සහ බෞද්ධ වන්දනා හා පුජා සම්ප්‍රදාය පෙන්වන වස්තුන් ඇතුළත් වෙයි.
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/612.jpg)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/71.jpg)
![8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/81.jpg)
![9[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/91.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ගෞරවයක් අපේ හාමුදුරුවනේ. දළදා සමිඳු පිහිටයි ඔබ ඇතුළු සැමට. (නි)
එංගලන්තයේ සිංහල බොදු හඬ. බර්මින්හැම් පුරවරටේ කීර්තිමත් භික්ෂුවක්. වැඩ කෙලින්, අනිත් පන්සල් වල වගේ වැරද්දක් දැක්කහම දායකයෝ තරහ වෙයි, ලාභ ප්‍රයෝජන නැති වේවි කියල වැරැද්ද නොපෙනන ඉන්නේ නැහැ. කාට උනත් කියන්න තියෙන දේ මූණටම කියන, එඩිතර නායක හිමි නමක්. දකින්න ලැබීමත් වාසනාවක්. (ර)