රතු මුහුදේදී ඉරාන නෞකාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ බොරතෙල් මිල ගණන් සියයට 2.6කින් ඉහළ ගොස් තිබේ.
ප්‍රහාර එල්ල වූයේ සෞදි අරාබිය දෙසින් යැයි ඉරානය චෝදනා එල්ල කරන අතර මසක් ඇතුළත මැද පෙරදිග කලාපයේ මෙවැනි සිදුවීමක් වූ දෙවැනි අවස්ථාව මෙයයි.
පසුගිය මාසයේදී සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගමේ ස්ථානයකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල විය. සෞදි අරාබි රජයට අයත් ඇරැම්කෝ සමාගම ලොව වැඩිම ආදායමක් උපයන සමාගම් කිහිපය අතුරින් එකක් වන අතර ලොව විශාලතම තෙල් පිරිපහදු සහ සැකසුම් බලාගාරය අයත් සමාගමයි.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ ඇමෙරිකාව ඉරානයට චෝදනා එල්ල කළ අතර ඉරානය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේය.
ඇමෙරිකාව සහ සෞදි අරාබිය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ අතර එසේ කළහොත් ඊට ප්‍රතිචාර වශයෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ඉරානය අනතුරු ඇඟවීය.
‘නැෂනල් ඉරානියන් ටෑන්කර්’ සමාගමට අයත් නෞකාවකට මෙලෙස ප්‍රහාර එල්ල වී තිබේ. සෞදි අරාබියට ආසන් මුහුදේදී පිපිරීම් දෙකක් සිදු වූ බවත් එය බොහෝ දුරට මිසයිල ප්‍රහාර විය හැකි බවත් තවත් වාර්තාවක දැක්විණි.
මෙම පුවත වාර්තා වීමත් සමඟ ‘බ්‍රෙන්ට්’ සහ ‘නිව්යෝක් කෘඞ්’ තෙල් මිල ගණන් සියයට දෙකකින් ඉහළ ගිය අතර තෙල් සම්පතින් පොහොසත් ගල්ෆ් කලාපයේ තෙල් සැපයුම් සම්බන්ධයෙන් මෙන්ම රටවල් අතර ද උණුසුම් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබේ.
ඒ.එෆ්.පී/රොයිටර්ස්
055
2025 දෙසැම්බර් මස 18
277
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරතෙල් මිල සියයට 2.6කින් ඉහළට