තම ගුරුවරිය පන්ති කාමරයේ සිර කරගෙන ඇයට අඩත්තේට්ටම් කළේයැයි කියන 14 හැවිරිදි සිසුවකු වසර 4 ක කාලයකට පුනරුත්ථාපන කඳවුරකට යැවීමට බි‍්‍රතාන්‍යයේ උතුරු වේල්ස්යේ අධිකරණයක් නියෝග කළේය. ගුරුවරිය පන්ති කාමරයේ තනිවී සිටි අවස්ථාවක් බලා පන්ති කාමරයේ දොර වැසු මේ සිසුවා අනතුරුව ගුරුවරියට අඩත්තේට්ටම් කර තිබේ. ඇයගේ කෑගැසීම් ඇසුණු අනෙකුත් ගුරුවරුන් පැමිණ පන්ති කාමරයට ඇතුළු වීමට තැත් කළද දොර ඇතුළතින් වසා තිබීම නිසා ඔවුනට එය නොහැකි වී තිබේ.පන්ති කාමරයෙන් සිසුවාගේ වියරු සිනා හඩත් තමන් ගුරුවරියට අඩත්තේට්ටම් කරන්නට යන්නේ යැයි වහසි බස් දොඩවනුත් තමන්ට ඇසුණු බව ගුරුවරු පිරිස කියයි. අවසානයේ දොර කඩා පන්ති කාමරයට ඇතුළු වී ඇති ගුරුවරුන් සිසුවා අල්ලා පොලිසිය වෙත භාරදී තිබේ.එහිදී එම සිසුවා තමන් ගුරුවරියට අඩත්තේට්ටම් කළේ යැයි පිළිගෙන තිබේ. සිදුවීම නිසා යළි පාසැලට පැමිණීමට තරම් මානසිකත්වයක් අපයෝජනයට ලක්වූ ගුරුවරියට නැතැයි පාසලේ බළධාරීන් කියයි. පුනරුත්ථාපන කදවුරු ගත කිරීමට නියෝග කළ පසු අදාළ සිසුවාගේ නම බි‍්‍රතාන්‍යයේ ලිංගික හිංසකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමටත් පොලිසිය කටයුතු කර තිබේ.