බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමට නියමිත තෙරේසා මේ එරට දෙවැනි අග්‍රාමාත්‍යවරියයි. ‘යකඩ ගැහැණිය‘ ලෙස විරුදාවලිය ලද මාග්‍රට් තැචර්ගෙන් පසු එම ධූරයට පත්වන කාන්තාව තෙරේසාය. ඇය බදාදා (13) අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතය. ඒ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි. පසුගියදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමග කැමරන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.
කැමරන්ගේ ස්ථාවරය වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු බවයි.
තෙරේසා මාරි මේ බ්‍රිතාන්‍යයේ ස්වදේශ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටියාය. 1965 ඔක්තෝබර් 1 වැනිදා ඊස්ට්බෝර්න් හිදී උපත ලද තෙරේසා 1977 වසරේදී දෙවැනි පන්තියේ සාමාර්ථයක් සහිතව ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගත්තාය.
ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ ඔක්ෆෝර්ඩ්ෂයර් ප්‍රාථමික විද්‍යාලයයෙනි. ශාන්ත ජුලියානා කන්‍යාරාමයේ, රෝමානු කතෝලික නිදහස් පාසලේ ද හොල්ටන් පාර්ක් කාන්තා විද්‍යාලයේද ඇය අධ්‍යාපනය ලබා ඇත.
තෙරේසා මේ 1977 සිට 1983 දක්වා කාලයේ එංගලන්ත බැංකුවේ සේවය කළාය. 1985 සිට 1997 දක්වා කාලයේ ඇය මුල්‍ය උපදේශකවරියක සහ වැටුප් නිශ්කාෂණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අනුශාසකවරියක ලෙස ඇය සේවය කළාය. ඇය උපාධිය ලබාගෙන වසර කිහිපයකට පසු ඇගේ මව හා පියා අභාවප්‍රාප්ත වූහ. මෝටර් රථ අනතුරක් හේතුවෙන් ඇගේ පියා මෙලොව හැර ගියේය.
පිලිප් මේ ඇගේ සැමියාය. කැපිටල් ජාත්‍යන්තර මහාගමේ ආයෝජන බැංකුකරුවකු ලෙස ඔහු කටයුතු කරයි. මේ යුවළට දරුවන් නොමැත.
ඇය 1997 මහ මැතිවරණයෙන් මේඩ්න්හෙඩ්හි කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූවාය. පාර්ලිමේන්තුවට ආ ඇය විලියම් හේග්ගේ නායකත්වයෙන් යුත් විරුද්ධ පක්ෂයේ සාමාජිකාවක වූ අතර පාසල්, ආබාධිත පුද්ගලයන්ගේ සහ කාන්තා කටයුතු සම්බන්ධ ඡායා නියෝජිත ලෙස කටයුතු කළාය. ඡායා කැබිනට්ටුවට ඇතුළත්වූ ඇය 1999 දී අධ්‍යාපන හා කම්කරු ලේකම් ලෙස ඡායා කැබිනට්ටුව නියෝජනය කළාය.
2002 ජූලි හිදී තෙරේසා මේ කොන්සර්වේටිව් පක්ෂයේ පළමු කාන්තා සභාපතිනිය ලෙස පත්වූවාය. 2010 මැතිවරණයෙන් විශාල ප්‍රතිශතයකින් යුතුව ජයගත් ඇය යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූවාය. අගමැති ඩේවිඩ් කැමරන්ගේ රජයේ ස්වදේශ ලේකම්වරිය ලෙස 2010 මැයි 12 වැනිදා පත්වූ තෙරේසා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය කටයුතු සම්බන්ධ සිව්වැනි නිලධාරිනිය ලෙස ඉතිහාසයට එක්වූවාය. මාග්‍රට් තැචර් අගමැතිනිය, මාග්‍රට් බෙකට් විදේශ ලේකම් හා ජැකී ස්මිත් ස්වදේශ ලේකම් යන අය ඊට පෙර ඉහළම රාජ්‍ය තනතුරු දැරූ කාන්තාවන් විය.
මේ සිය තනතුරේ රාජකාරි කරමින් බ්‍රිතාන්‍යයේ ඖෂධ ප්‍රතිපත්තිය, සංක්‍රමණික නීති, සමාජ විරෝධී ක්‍රියාවන් මැඩලීම, පවුල් සංක්‍රමණය, පිටුවහල් කිරීමේ නීති හා සමලිංගික විවාහ නීතිය ආදී කටයුතු සඳහා මැදිහත්ව ක්‍රියා කළාය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුවේය. තමන් හමුවීම ධවල මන්දිරයට පැමිණෙන්නැයි බයිඩන්, ජනාධි
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බ්‍රිතාන්‍ය දෙවැනි අගමැතිනිය බදාදා වැඩ බාරගනී
නිරුල් Wednesday, 13 July 2016 05:09 AM
එක්කෝ හැදෙයි. නැත්නම් නැතිවෙයි. ඕනෑම මිනිහෙක් හැදෙන්නත්, නැතිවෙන්නත් මුල්වෙන්නේ ගැහැණියක්ලුනේ (නි)
සිල්වා Wednesday, 13 July 2016 05:58 PM
සුබ පැතුම්! (නි)