බ්‍රිතාන්‍යය තුළ ‘ෆේස්බුක්’ සමාජ මාධ්‍ය නියාමනය කිරිමට දැඩි නීතිරිති හා රෙගුලාසි පැනවිය යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති.
ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරවීම වැළැක්වීම සඳහා ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මහතා පියවර නොගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
මාස 18 ක් පුරා පැවති විමර්ශනයකින් පසුව මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටු වාර්තා අද (18) නිකුත් කෙරිණි.
මෙලෙස අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය වීම තුළින් බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය අවදානමකට ලක්ව ඇති බව මන්ත්‍රීවරු වැඩිදුරටත් සඳහන් කරති.
අල්ජසීරා ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd