තම ජීවිතය බේරාගැනීමට මිනිසුන්ගේ රැකවරණය සොයා පැමිණි ඇන්ටිලොප් සත්ත්වයකු සිංහයන් දෙදෙනකුගේ ගොදුරක් බවට පත්වන දුර්ලභ ඡායාරූප කිහිපයක් බ්‍රිතාන්‍ය ජාතික කැරොලින් ඩන්ෆෝර්ඩ් (23) නමැති තරුණිය අද (14) අන්තර්ජාලයට එක්කැර ඇත.
ඇය තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා දකුණු අප්‍රිකාවේ කෘගර් නමැති ජාතික වනෝද්‍යානයට ගොස් සිටිය දී පසුගිය සිකුරාදා මේ සිදුවීම ඡායාරූපයට නැගුවාය.
වන සතුන් බැලීමට උදෑසන වනාන්තරයට ඇතුළු වූ වාහන රැසක් අතරට වනාන්තරයේ පසෙක තිබූ පඳුරු අතරින් ඇන්ටිලොප් සතකු වේගයෙන් දිව ආවාය. මාර්ගයේ ගමන් කරමින් තිබූ ඌ සැඟවුණේ වාහනයකට අඟල් කිහිපයක් දක්වා සමීප වෙමින් පාරේ ලගිමිනි. එය බොහෝ දෙනකුට පුදුමයක් විය. මොහොතකින් එතැනට ආ සිංහයන් දෙදෙනකු ඇන්ටිලොප් සතා සොයමින් ඌ වටකරන්නට විය. බියෙන් ගැහෙමින් සිටි ඇන්ටිලොප් යළි පලා යන්නට තැත් කරද්දී උගේ ඇඟට පැන බිම පතිත කරද්දී අනෙක් සිංහයා ඇන්ටිලොප්ගේ ගෙල සපා කන්නේ සදා කාලිකවම නිහඬ කරමිනි.
සත්ත්ව ලෝකයේ එකිනෙකා මරා ගනිමින් දිවි පවත්වාගන්නා ආකාරය සංචාරකයන් සජීවී ලෙස අත්විඳි බව කැරොලින් පවසන්නීය.
මෙම සිද්ධිය ඡායාරූපගත කළ කැරොලින්










COMMENTS
අපේ රටේ නම් සිංහයෝ දකින්න zoo එකටම යන්න ඕන. බැරිද මුන් ටිකක් අල්ලන් ඇවිල්ල අපේ කැලේට දාන්න. මීහරක් නම් ඕන තරම් දියවන්නාව පැත්තේ ඉන්නවා. සිංහයෝ තමා නැත්තේ.(ස)
මෙය සොබාදහමේ අපූරු න්‍යායයි. (ස)
සුදත් ශ්‍රී, නියම කතාව. රාවණාටත් කලින්ද හිටියේ? (ම)
කරෝලයින් සිංහයා දඩයම් කරගත්තා විතරක් නෙමෙයි ඔයාවත් ලෝක පුජිත කරා (නදී)
සිංහයා සතුටු මරාගෙන කන්නේ නැතුව බත් කන්නද? (නදී)
ලංකාවේ හිටපු සිංහයෝ ගැන කියවන්න https://en.wikipedia.org/wiki/Sri_Lanka_lion වෙබ් පිටුවට යන්න (නදී)
ඕක තමඊ කැලෑ නීතිය. (අ)
වාහන ශබ්දකර හෝ ගොදුරුවූ සතා බේරගන්න උත්සහා කලා නම් වටිනවා (අ)
අං තට්ටුව ඉල්ලගන්න බැරි වෙයිද? (නදී)
මේ මිනිස්සු කොහෙද මේ ගෝනව බේරන්නේ.බේරන්න ගියොත් ඒ අයගෙත් කැලී තමයි.(හේ)
මේ වගේ දර්ශන පෙලක් බලා ගැනීමට හැකියාව ඇත්තේ කලාතුරකින්ය.(හේ)
මොන කරන්නද දුක තමයි.(හේ)
නිර්භීත කෙනෙක් ඇය. සුබ පැතුම්! (නි)
අප්පේ රටේ මහා පාරේ මේ වගේ වැඩ කරනවා මිනිස්සු. (ම)
ඇන්ටිලෝප්ලා නම් ඕනෑතරම් මෙහේ එක තැනකත් ඉන්නවා. හැබැයි සිංහයෙක් පෙනෙන්න නැහැ (නි)
සත්තු වත්තට යන්න ඕනෑ දැන් වයඹත් ඉන්නවා සිංහයෙක් (ම)
මීහරක් පාර්ලිමේන්තුවේත් ඉන්නවා (අ)
ආර්.එම්.පි.....ඔය ගිහින් මැගි නූඩ්ල්ස් කවන්නකෝ එහෙනම්... මේක තමා ස්වාබදර්ම චක්‍රය.(නදී)
කමල්,ඇන්ටිලෝප්ගේ අං තට්ටුවට කෙළ හලන්නේ ඒක ඔයාගේ ඔලුවේ සවිකර ගන්නද? (නි)
මෙය සොබාදහමේ අපූරු න්‍යායයි (නි)
ඔය කාර් බස් අයින් කරන්නකෝ (නදී)
උපුල්, ලංකාවේ සිටි සිංහ විශේෂය පැන්තෙරා ලියෝ සිංහලෙයස්. ඔවුන් මීට අවුරුදු දහස් ගණනකට කලින් වඳ වී ගියා. (ස)
අනේ පවු (අ)
ඉන්දික, අපේ රටේ සිංහයෝ නැති එකේ අපේ කොඩියට සිංහයා ආවේ කොහොමද. ඒකත් ඉම්පොර්ටඩ් වගේ.(ම)