ඝාතනය වීමට පෙර, අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට පාකිස්තානයේ ඇබොට්ටාබාද් නගරයේ නිවසක සැඟවී ජීවත් වීමට හැකියාව ලැබුණේ පාකිස්තාන රජයේ නිලධාරීන් කිහිප දෙනකුගේ සහාය සහ අනුදැනුම ඇතිව යැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පවසයි.
ආරක්ෂක ලේකම් පැනේටා ඒ බැව් කියා සිටියේ පෙරේදා (29) ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමිනි.
”බින් ලාඩන් සැඟවී සිටි බව තමා දන්නේ නැහැ කියා පාකිස්තාන රජය පවසනවා. ඒත් මා පෞද්ගලිකව ඒක විශ්වාස කරන්නේ නැහැ. පාකිස්තාන රජයේ බහුතරය ඒ ගැන නොදන්නවා වුණත් කිහිප දෙනකු හෝ ඒ ගැන දැන සිටින්න ඇතැයි කියා මා විශ්වාස කරනවා. වසර ගණනක් තිස්සේ මහල් නිවසක ඔසාමා බින් ලාඩන්ට සැඟවී ජීවත් වෙන්න හැකි වුණේ ඒ හින්දයි.” යැයි ආරක්ෂක ලේකම්වරයා පවසයි.
බින් ලාඩන් සැඟවී සිටින තැන නිවැරදිව සොයා ගැනීමට හැකිවුණේ ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශයටය. ඒ, දීර්ඝ කාලයක් තිස්සේ කළ සෙවිල්ලක ප‍්‍රතිපලයක් හැටියටය. ඇමෙරිකා හමුදාවේ නේවි සීල් භටයන් අතින් සැඟවී ජීවත් වුණු බින් ලාඩන් ඝාතනය කෙරුණේ ඉකුත් වසරේ මැයි 22 වැනිදාය.
ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා සහ හමුදා ප‍්‍රධානීන්ගේ අණ පරිදි එම මෙහෙයුම සිදු කළේ පාකිස්තාන රජයට කල්තියා දැනුම් දීමක් නොකරය. පාකිස්තාන රජය චෝදනා කරන්නේ ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝණය කළ බවය.
එම අවස්ථාවේදී ඇමෙරිකා/පාකිස්තාන ඇයි හොඳයිකම් පළුඳු විය. දෙරට අතරේ හටගත් අර්බුදය, ඉකුත් නොවැම්බර් මාසයේදී ඇමෙරිකා ඩ්‍රෝන යානා මිසයිල ප‍්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් 24 දෙනකු මියයෑමත් සමඟ තවත් උග‍්‍ර අතට හැරී තිබේ. එම අර්බුදය තවමත් විසඳී නැත.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බින් ලාඩන් සැඟවී ජීවත් වුණේ පාකිස්තානයේ උදව් ලැබුණු නිසා