අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇමෙරිකන් සෙබළුන් අතින් ඝාතනය වී වසරක් ගත වීම නිමිත්තෙන්, පෙරේදා (2) පාකිස්තානයේ ක්වෙටා සහ ඇබොට්ටාබාද් නගරවල ඇමෙරිකා විරෝධී පෙළපාළි පැවැත්වුණු අතර දහසකට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ.
එම පෙළපාළි සංවිධානය කරන ලද්දේ තලේබාන් හිතවාදී ජමියා උලේමාන් ඊ ඉස්ලාම් යන දේශපාලන පක්ෂය විසිනි. පෙළපාළිවලට එක් වූ විරෝධතාකරුවන් ඇමෙරිකා ධජ ගිනිබත් කළ බව ද වාර්තා වේ.
ක්වෙටා නගරයේ පැවැති විරෝධතා පෙළපාළියට ජමියා උලේමාන් ඊ ඉස්ලාම් පක්ෂයේ නායක අබ්දුල් කදීර් යූනී ද සහභාගී වූයේය. බින් ලාඩන් මුස්ලිම්වරුන්ගේ සැබෑ වීරයකු බවත්, සැබෑම මුජහදීන් සටන්කාමියකු බවත් යූනී පැවැසුවේය.
පසුගිය වසරේ මැයි 2 වැනිදා ඇමෙරිකා හමුදා බින් ලාඩන් ඝාතනය කළේ ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී ජීවත් වෙද්දීය.
ඇබොට්ටාබාද් නුවර බින් ලාඩන් සැඟවී ජීවත් වූ නිවස මේ වනවිට කඩා දමා ඇති අතර එය තිබුණු ස්ථානය අසලත් විරෝධතා පෙළපාළියක් පැවැත්විණි. එම පෙළපාළියට සහභාගී වූවෝ පාසල් සිසු දරු දැරියෝය.
”බින් ලාඩන් වීරයෙක්. ඔහු ත‍්‍රස්තවාදියයෙක් නොවේ. ඔහු ත‍්‍රස්තවාදියකු කළේ ඇමෙරිකාවයි. ඇමෙරිකාව ඔවුන්ට පාඩුවක් හෝ අවාසියක් හෝ කරන ඕනෑම කෙනකු ත‍්‍රස්තවාදියකු ලෙස හඳුන්වනවා” යැයි විරෝධතා පෙළපාළියට එක් වූ පාසල් දරු දැරියෝ පැවැසූහ.
ඇමෙරිකා හමුදාවේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා එල්ල කරන ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් මිය යෑමට එරෙහිව ද දරු දැරියෝ ඇමෙරිකාවට විරෝධය පළ කර සිටියහ.
බින් ලාඩන් ඝාතනට විරෝධය පළ කරමින් සටන්කාමීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පැවැති හෙයින් පෙරේදා පාකිස්තානය පුරා ආරක්ෂාව තර කර තිබූ බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 04
761
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
572
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බින් ලාඩන් මැරුවාට දොස් කියමින් පාකිස්තානයේ ඇමෙරිකා විරෝධතා
දනූ Friday, 04 May 2012 10:10 PM
ගොඩක් හොදයි