බෙදුම්වාදී නායකයන් 18 දෙනෙකුට සහ විපක්ෂ ක්‍රියාකාරීන් 155 දෙනෙකුට ලබාදී තිබූ ආරක්ෂාව ඉවත්කර ගැනීමට ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තය තීරණය කර ඇත.
පසුගිය සතියේදී මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් එම ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයන් 41 දෙනෙකු මිය යෑමත් යන කරුණු මුල් කරගෙන ජම්මු හා කාශ්මීර ප්‍රාන්තය එම තීරණය ගෙන තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව කාශ්මීරයේ ප්‍රධාන පක්ෂයක් සමඟ සන්ධාන ගතවීම නිසා වර්තමානයේදී කඳුකර ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ පරිපාලනය හිමිව ඇත්තේ ඉන්දීය ෆෙඩරල් රජයටය.
ඉන්දීය මධ්‍යම රජය (ෆෙඩරල් රජය) සමඟ සාකච්ඡාවලට එළැඹීම නිසා බෙදුම්වාදී නායකයන්ට ආරක්ෂාව ලබාදීමට ඉන්දියාව පියවර ගත්තේය. සටන්කාමීන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන්ට එලෙස ආරක්ෂාව ලබාදෙන ලදි.
“බෙදුම්වාදී නායකයන්ට ආරක්ෂාව ලබාදීම රාජ්‍ය සම්පත් නාස්ති කිරීමක්. එම සම්පත් වෙනත් තැනකට යොදවන්න පුළුවන්” යැයි ජම්මු හා කාශ්මීර ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
බෙදුම්වාදී නායකයන්ට අමතරව ප්‍රධාන විපක්ෂ කණ්ඩායම්වල දේශපාලන නායකයන් සහ ක්‍රියාකාරීන් 155 දෙනෙකු ඉවත් කරගැනීමට ද ජම්මු හා කාශ්මීර ප්‍රාන්තය තීරණය කර ඇත.
“මේ පියවර සමඟ පොලිස් නිලධාරීන් 1000කට වැඩි පිරිසක් සහ වාහන 100කට වැඩි සංඛ්‍යාවකට සාමාන්‍ය පොලිස් රාජකාරීවල නිරත විය හැකි” යැයි ප්‍රාන්ත ආණ්ඩුව වැඩිදුරටත් සඳහන් කළේය.
(රොයිටර් ඇසුරිනි)
055
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෙදුම්වාදීන්ට - විපක්ෂ ක්‍රියාකාරීන්ට ලබාදුන් ආරක්ෂාව ඉවත්කරගනී