සුපිරි කාටුන් වීරයන් දෙදෙනෙකු වන බැට් මෑන් සහ සුපර් මෑන් එකම චිත්‍රපටයක පෙනී සිටීමට ප්‍රථම වරට සැරසෙයි.
මේ චිත්‍රපටය 2015 වසරේ තිරගතවීමට නියමිතය.
යකඩ මිනිසා ලෙස සුප්‍රකට සුපර් මෑන්ගේ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සැක් ස්නයිඩර් මේ ප්‍රවෘත්තිය හෙළි කළේය.
කැලිෆෝනියාවේ චිත්‍රකතා සමුළුවකදී ඔහු පැවසූවේ තිර පිටපත වර්තමානයේ ලියමින් පවතින බවයි.
වෝනර් බ්‍රදර්ස් සමාගම මේ පුවත තහවුරු කර ඇත.
බ්‍රිතාන්‍ය නළු හෙන්රි කැවිල් සුපර් මෑන් චරිතය නිරූපණය කරන අතර බැට් මෑන් චරිතයට තවම කෙනෙක් තෝරා නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වීර, ඔයාට මොවුන් කාඩ්බෝඩ් වීරයෝ වුනාට ලෝකයේ බිලියනයකට අධික ජනතාව අදත් මොවුන් වීරයන් ලෙස සලකනවා. නිකන් කුහක වෙන්න එපා. (නි)
කාඩ්බෝඩ් වීරයෝ.මේ අයට මොනාද පුළුවන්. අඩුගානේ අල්කයිඩාවෙන් ජිහාදයෙන් ලෝකය බෙර දෙන්නවත් පුලුවන්ද මහලොකු වීරයෝ දෙන්නට.මේවා බලන එවුන් රට මෝඩයෝ.(අ)