ලිබියාවට එපිටින් මුහුදු තීරයේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 31දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
මොවුන් මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපයට ගමන් කිරීමට බලාපොරොත්තුව සිටි අය බව ලිබියානු වෙරළාරක්ෂක සේවය පවසයි. මියගිය අය අතර කුඩා දරුවන් ද සිටින බව පැවසේ.
ජලයේ පාවෙමින් සිටි 60දෙනකු පමණ බේරාගත් බව මුදවාගැනීමේ කණ්ඩායම් වාර්තා කර ඇති අතර බේරාගත් පුද්ගලයන් ට්‍රිපොලි නාවුක කඳවුර වෙත ගෙන ගොස් ඇත.
මධ්‍යධරණී මුහුද තරණය කිරීමට ගිය සරණාගතයින් 3000ක් පමණ මෙම වසර තුල දී පමණක් මියගොස් ඇතැයි සරණාගතයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය පවසයි. පසුගිය අවුරුදු 17ක කාලය තුල සරණාගතයින් 33000ක් පමණ මියගොස් ඇති අතර මෙම සංවිධානය පවසන්නේ සරණාගතයින් මධ්‍යධරණී මුහුද තගරණය කිරීමට යෑම මාරාන්තික ගමනක් බවයි.
(බීබිසි පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 21
175
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1119
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බෝට්ටු අනතුරෙන් සරණාගතයන් 31ක් මරුට