චීනයේ මැක්ඩොනල්ස් සහ කේ.එෆ්.සි.බොජුන්හල් ව්‍යාපාරයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. එම ආයතන ඇමෙරිකා  ආක්‍රමණයක සංකේතයක් බව විරෝධතාකරවෝ පවසති. චීනයෙන් පිටවනු යැයි කියමින් එම බොජුන්හල් ඉදිරිපිට විරෝධතාකරුවෝ තම විරෝධය පළකරති.

එරට මාධ්‍ය මගින් එම ක්‍රියාව අන්ධ දේශානුරාගයක් ලෙස ද එම ක්‍රියාව තම ජාතියට කරන අලාභයක් අනර්ථයක් ලෙසද අර්ථකථනය කොට තිබේ. චීනයේ මැක්ඩොනල්ස් ශාඛා 4000ක් පමණ පිහිටා තිබේ.

එමෙන්ම ජාත්‍යන්තර පාලනයක් විසින් චීනයේ දේශසීමා හිමිකම් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්ද විරෝධතාකරුවෝ තම විරෝධය පළ කරති.එම ජාත්‍යන්තරය අධිකරණ පාලනය ගෙන ආවේ ඇමෙරිකා  සහය සහිතව පිලිපීනය විසිනි. දින කිහිපයක සිට චීනයේ ප්‍රදේශ කිහිපයක් පුරා එම විරෝධතා පැවැත්විණි. එම සටන්පාට අතරේ ඇමෙරිකා  විරෝධී සටන්පාට බහුලව දක්නට ලැබිණි.

දේශප්‍රේමය විදහා දැක්විය යුතු ආකාරය මෙය නොවන බවත් එවන් විරෝධතා සංවිධානය කරන ඇත්තන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතු බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කරයි. චීනයේ බලධාරීන්ගේ අවසරය නොමැතිව විරෝධතා පැවැත්වීම තහනම් කටයුත්තකි. ජාත්‍යන්තර අධිකරණයක් නිසා කේ,එෆ්,සි සහ මැක්ඩොනල්ස් ආයතන කුමක් කරන්නදැයි එරට මාධ්‍ය විරෝධතාකරුවන්ගෙන් අසයි.