IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


බංගලාදේශයේ අන්තවාදීහු හිස ඔසවති

බංගලාදේශයේ සුළු හා අන්‍යාගමික පුරවැසියන් වෙත එල්ල වූ ප්‍රහාර රාශියකට සැක පිට සටන්කාමීන් 900 ක් පමණ   අත්අඩංගුවට ගෙන ඇති බව බංග්ලාදේශ පොලිසිය පවසයි.

සටන්කාමීන් විසින් සිදුකරන ලද එවන් ප්‍රහාර වලින් පහුගිය වසරේ 40 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි සඳහන්ය. බ්ලොග් රචකයින්, ආගමික විද්වතුන් හා සුළු ආගමික සාමාජිකයෝ ඒ අතර වෙති.

එම ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ සහ මෙහෙයුම් වලින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සතියේ ද හින්දු ආරාමයක සේවකයෙකු පබ්නා දිස්ත්‍රික්කයේ දී කපා කොටා ඝාතනය කර තිබිණ.  ඝාතන පිටුපස සිටින්නේ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් බව මේ වන විට අනාවරණය වෙමින් පවතින ඉව එරට බලධාරීහු පවසති.

බංග්ලාදේශයේ අන්තවාදය ඉහළ යමින් තිබෙන බවත් එවන් අවධියක සුළු ආගම් අදහන පිරිස් වෙත දැඩි අභියෝගයක් මෙන්ම තර්ජනයක් ඇති වීම බලාපොරොත්තු විය හැකි බවත් විචාරකයෝ පවසති.

ආගම්වාදය මූලික කරගෙන ත්‍රස්තවාදයක් බිහිවෙමින් පවතින බංගලාදේශයේ මෙවන් ඝාතන මේ වන විට වැඩිවෙමින් පවතින අතර පසුගිය සතියේ දී හින්දු පූජකවරයෙක්, ක්රිස්තියානි සිල්ලර වෙළෙඳසල් හිමියෙක් සහ ත්රස්ත-විරෝධී පොලිස් නිලධාරියෙක් සටන්කාමීන් විසින් ඝාතනය කරනු ලැබූහ.

 මෙම ඝාතන වලට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් ප්‍රශ්න කිරීමෙන් පසු නිවැරදි කරුවන් විය හැකි බවත් එලෙස වුවහොත් ඔවුන් නිදහස් කරන බවත් සදහන් වේ.

පොලිස් බුද්ධි අංශ වාර්තා මත පදනම් කරගෙන ඝාතන 40කට පමණ වග කිව යුතු සැකකරුවන් ලැයිස්තුවක්ද ඉදිරිපත් කර තිබිණි.  



අදහස් (0)

බංගලාදේශයේ අන්තවාදීහු හිස ඔසවති

මොහොමඩ් Monday, 13 June 2016 01:41 AM

නුවන්, ඔයා බයවෙන්න එපා. තව අවුරුදු 50 කින් මේ රට අපි හොඳට හදලා ගන්නම් (නි)

:       0       0

නුවන් Sunday, 12 June 2016 06:41 AM

අපේ රට ගැනත් ලොකු බයක් තියෙන්නේ මේ යන විදිහට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 634 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site