බෑගයක සැඟවී ස්පාඤ්ඤයේ මෙලිලා ප‍්‍රාන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ස්පාඤ්ඤ ආගමන විගමන නිළධාරීහු සමත් වූහ.
බෑගය රැගෙන පැමිණි පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට ඔවුහු කටයුතු කළහ.ඔහු ස්පාඤ්ඤ ජාතිකයෙකි.
විසල් බෑගයකුත් බිම දිගේ ඇදගෙන යන ඔහු පිළිබඳ සැකසිතු බළධාරීන් ඔහු ලූහුබැදගොස් බෑගය විවර කර බැලීමේදී එහි සැගවී සිටි පුද්ගලයා සොයාගැනීමට හැකිව ඇත.
එම පුද්ගලයා මොරොක්කෝ ජාතිකයෙකු ලෙස හදුනාගෙන තිබේ.
මෙලිලාවට නිරන්තරයෙන් අනවසර සංක‍්‍රමණිකයෝ ඇතුළු වෙති.ඔවුන් බොහෝමයක් දෙනා පැමිණෙන්නේ යාබද මොරොක්කෝවේ සිටය.
දේශසීමාවෙන් රිංගීමට ඔවුන් දැන් බෑග භාවිතයද අරඹා ඇති බවක් පෙනෙන්නේ යැයි බළධාරීන් කියයි.
COMMENTS