ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පොලිස් මුරපොළක බෝම්බයක් පිපිරීමෙන් 15දෙනකු පමණ මියගොස් 40ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මරාගෙන මැරෙන ප්‍රහාරකයකු විසින් පදවාගෙන පැමිණි ඉන්ධන ප්‍රවාහන රථයක බෝම්බය අටවා තිබී ඇත.

ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් අයිඑස් සංවිධානය විසින් මෙවැනි ආකාරයේ ප්‍රහාර නිරතුරුවම එල්ල කරන අතර මොසුල් නගරය අයිඑස් ග්‍රහනයෙන් මුදවා ගැනීමට ඉරාක හමුදා දියත් කළ දැවැන්ත මෙහෙයුමට පසුව  මෙම ප්‍රහාරය එල්ල වූ බව බැග්ඩෑඩ් බලධාරීහු පවසති.

මොසුල් අයිඑස් ග්‍රහනයේ පවතින අවසාන නගරයයි.

(බී බී සී පුවත් ඇසුරිණි ..............085)