බෝකෝහරාම් ත්‍රස්තයන් විසින් පැහැරගෙන යන ලදැයි සැලකෙන පාසැල් දැරියන් 110දෙනා සෙවීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා අමතර භට කණ්ඩායම් යොදවා ඇතැයි නයිජීරියානු රජය පවසයි.
ඊසානදිග යෝබේ පළාතේ ඩැප්චි නගරයේ පාසලකට පසුගිය 19වනදා ජිහාදි කණ්ඩායම් බලහත්කාරයෙන් ඇතුළු වී සිදුකල කලබලකාරී ක්‍රියාවන්ගෙන් පසුව මෙම දැරියන් අතුරුදන් වූ බව සඳහන් විය.
මෙය නයිජීරියානු රජයෙන් පාලනය වන විද්‍යා හා තාක්ෂණික පාසලක් වන අතර පහරදීම් සිදුවන අවස්ථාවේ දැරියන් අසල පිහිටි වන රොදකට පලාගොස් ඇති බව පැවසේ.
ඩැප්චි නගරයේ ප්‍රධාන හමුදා මුරපොළ කිහිපයක් ඉවත් කරගැනීම හේතුවෙන් ත්‍රස්තවාදීන්ට පහසුවෙන් නගරයට පැමිණීමට හැකිවූ බවට දෙමාපියන්ගෙන් නයිජීරියානු ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වෙමින් පවතින බව මාධ්‍ය වාර්තා කර ඇත.


(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර යස්මින් සුඛීට, චැනල් 4 අයට එංගලන්තේ කොටි හිතවාදීන්ට බැරිද මේවට මුකුත් කරන්න. බැහැ බයයි.. දන්නවනේ ඒ අයට මොනවා හරි කිව්වොත් පහුවදාම දඬුවම් කියලා. ලැජ්ජයි. ඔය හොර කොටි වෙනුවෙන් සල්ලිවලට කඩේ යන්නේ නැතුව මේ පැහැරගෙන ගිය ගැහැණු ළමයින් වෙනුවෙන් කතා කරන්න.
සෑම්, සිංහල භාෂාවෙන් කියලා වැඩක් නෑ මොකෝ එයාලා පත්තරේ බලනවැයි. ඔයත් ඉතිං බලං හිටියා වගේ කියන්නේ.