බොකෝහරාම් ත්‍රස්තයන් ග්‍රහණයේ සිටි කාන්තාවන් හා ළමයින් පිරිසක් බේරාගත් බව නයිජීරියා හමුදාව කියයි. බේරාගත් පිරිස විස්සක් බවත් ඔවුන් බේරාගැනීමේ මෙහෙයුමේ දී ත්‍රස්තවාදීන් විශාල පිරිසක් මියගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කැර තිබේ.
නයිජීරියාවේ හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් ක්‍රිස් ඔලුකොලඩේ කියා සිටියේ සැම්බිසා වනාන්තරයේ දී බේරාගත් මේ පිරිස ගුවන් මගින් ආරක්ෂිත ස්ථානවෙත ගෙන එනු ලැබීය. හමුදාව පවසන්නේ මොවුන් වහලුන් ලෙස සේවයේ යොදා ගත්තා ද නැතිම් ප්‍රාණඇපකරුවන් ලෙස යොදා ගැනීමට අපේක්ෂාවෙන් සිටියා ද යන්න පැහැදිලි නැති බවයි.
ත්‍රස්ත ග්‍රහනයේ පවතින නයිජීරියාවේ ඊසාන දිග කලාපයේ පසුගිය වසර හය තිස්සේම මෙවැනි ක්‍රියාවන් වැඩිවි තිබේ.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ පසුගිය වසරේ පමණක් බොකේ හරාම් ත්‍රස්තයන් විසින් කාන්තාවන් සහ ගැහැණු ළමුන් 2000කටත් වඩා පැහැරගෙන ගොස් ඇති බවයි.
නයිජීරියා හමුදාවන්ගේ ජයග්‍රහණයන්ට අනුව බොකෝ හරාම් ගේ විනාශය ගැන ඉඟි පළවී තිබේ
COMMENTS