
ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ජනප්‍රිය පිලිපීන බොක්සිං තරුවක වන 43 හැවිරිදි මැනී පැකියාව් පවසයි. මැනී පැකියාව් ලොව විශිෂ්ටතම බොක්සිං ක්‍රීඩකයන් අතරින් කෙනෙකි.
ජාත්‍යන්තරයේ පැසැසුමට ලක් වුණු පැකියාව්, පිලිපීන වැසියන්ගේ වීරයකු ද වෙයි. 'පැක්මෑන්' යන ආදර නාමයෙන් ද හැඳින්වෙන පැකියාව්, දේශපාලනයට පිවිසියේ 2016 වසරේදීය. පැකියාව් පිලිපීන සෙනෙට් සභිකයෙකි.
පිලිපීනයේ පාලක පක්ෂය ලෙස බලයේ තහවුරු කරගෙන සිටින්නේ වාමාංශික 'පී.ඩී.පී. ලබාන්' දේශපාලන පක්ෂය ප්‍රමුඛ සන්ධානයයි. මේ වනවිට මත ගැටුම් හේතුවෙන්, 'පී.ඩී.පී. ලබාන්' පක්ෂය දෙකඩ වී තිබේ. වත්මන් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ 'පී.ඩී.පී. ලබාන්' පක්ෂයේ සභාපතිවරයාය. ඩුටර්ටේගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ව්‍යවස්ථාවට අනුව, ඔහුට යළි ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට හැකියාවක් නොලැබේ.
ලබන 2022 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී උප ජනාධිපතිවරයා ද තෝරා ගැනීම සිදුවෙයි. යළි ජනාධිපති ධුරයට තරග වැදීමට නොහැකි බැවින්, ඩුටර්ටේ පවසා ඇත්තේ තමන් උප ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට සූදානමින් පසුවන බවය. 'පී.ඩී.පී. ලබාන්' පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩුටර්ටේ සහ පක්ෂයේ ඔහුට හිතවත් කණ්ඩායම නම් කර ඇත්තේ සෙනෙට්සභික ක්‍රිස්ටෝපර් බොන්ග් ගෝ ය.
පැකියාව් නියෝජනය කරන්නේ ද මධ්‍ය වාමාංශික 'පී.ඩී.පී. ලබාන්' දේශපාලන පක්ෂයයි. මැනී පැකියෝ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇත්තේ 'පී.ඩී.පී. ලබාන්' පක්ෂයේ ඩුටර්ටේ විරෝධී කණ්ඩායමය. ඒ අනුව, 2020 ජනාධිපතිවරණයේ සටන ඇත්තේ එකම පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු අතරේ යැයි දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇත.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 30
12
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බොක්සිං ක්‍රීඩක පැකියාව් පිලිපීන ජනපති සටනට