පළඟැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම නිසා සෝමාලියාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ මෙම කෘමීන් විශාල වශයෙන් වගාවන්ට හා වෘක්ෂලතාදියට හානි කිරීම හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවට විශාල තර්ජනයක් වී ඇති බවයි.

අප්‍රේල් මාසයේ අස්වැන්න නෙළීම ආරම්භ වීමට පෙර තත්ත්වය පාලනය කරගත නොහැකි වුවහොත් දැවැන්ත ගැටලුවක් ඇතිවන බවද ඔවුහු පවසති.

අසල්වැසි කෙන්යාවේ ද දරුණු ලෙස පළඟැටි වසංගතය පැතිර ඇති නමුත් මේ සම්බන්ධව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ කළාපයේ ප්‍රථම රට සෝමාලියාව වේ.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)